රුපියල් 2800ක් හා රන්මාලයකට මිණීමැරූ ඝාතකයා අත්අඩංගුවට..

October 17, 2019 at 6:48 pm | lanka C news
රුපියල් 2800ක් හා රන්මාලයකට මිණීමැරූ ඝාතකයා අත්අඩංගුවට..

වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී පසුගිය 9දා ඝාතනය කොට තිබූ තරුණයාගේ ඝාතනය සිදුකල බවට සැකකෙරන පුද්ගලයෙකු සැකපිට සැඟව සිටියදී අද (17) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.

වවුනියාව සින්නපුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කේ. සුරේන්ද්‍ර ප්‍රකාශ්  තරුණයා පසුගිය 09 වනදා වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේදී ත්‍රී රෝදයකින් තවත් අයෙකු කුලී ගමනක් සඳහා රැගෙන යාමෙන් පසුව අතුරුදහන්ව තිබූ අතර පසුව කල්ලිකුලම් කැලෑවකදී එම තරුණයාගේ මළ සිරුර පුලුස්සා තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

අනතුරුව එම මිය යාම ඝාතනයක් බවට හෙලි වීමෙන් පසුව ක්‍රියාත්මක වූ වවුනියාව පොලිස් කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් සතියක කාලයක් තුලදී සන්නිවේදන තාක්ෂණය යොදාගනිමින් ඝාතනය සිදු කල බවට සැකකෙරෙන වවුනියාව මුරුගනූර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි නඩරාජා ක්‍රිෂ්ණලෝජන් නැමති 25 හැවිරිදි තරුණයෙකු මාතර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් පසුව පොලීසියට පාපොච්චාරණයක් සිදු කොට ඇති අතර එහිදී සැකකරු විසින් අදාල ඝාතනය සිදු කල අයුරු පොලීසියට පවසා ඇත.

සැකකාර තරුණයා විසින් මිය ගිය තරුණයාට ත්‍රී රෝදයක් ඇති නිසාවෙන් කුලී ගමනක් පසුගිය 07 වනදා නෙඩුන්කේනි ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කලද එය අසාර්ථක වීමෙන් පසුව පසුදින නැවතත් ඕමන්ත කල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කොට ත්‍රී රෝදරථයේම ඉන්ධන ගෙන සිරුරට දමා පුලුස්සා මියගිය තරුණයාගේ ගෙලේ තිබූ රන්මාලය හා මුදල් රුපියල් 2800 ක් රැගෙන පලා ගොස් ඇති අතර එහිදී ඝාතනය සඳහා යොදාගත් පිහිය ඇතුලු මිය ගිය තරුණයාගේ නෙකුත් දෑ වැසිකිලි වලකට දමා තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

සැකකරු විසින් මිය ගිය තරුණයාගේ රන් මාලය මාතර ප්‍රදේශයේ රුපියල් 89,000කට උකස් තබා තිබි ඇති අතර එයද සොයාගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,108 Viewers

One Comment to “රුපියල් 2800ක් හා රන්මාලයකට මිණීමැරූ ඝාතකයා අත්අඩංගුවට..”

  1. MD says:

    Monawada me wenne.Budun wahanse desana kala darmaya monataram niwaradida.me yanne loka winasayakata.ekata eka maragannawa.ikmanin bauda darsanya niwaradiwa Awaboda karaganna.etakota samaya udawei.Theruwan SARANAI!

Main News