රුපියල් 500ට එළවලු හා වියලි ආහාර සහන මල්ලක් රජයෙන්…

January 4, 2020 at 12:00 pm | lanka C news
රුපියල් 500ට එළවලු හා වියලි ආහාර සහන මල්ලක් රජයෙන්…

දුම්රිය මගීන් වෙනුවෙන් සහන මිලකට එළවළු සහ වියළි ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යංශය කියයි.

මේ යටතේ සහල් ඇතුළු ආහාර ද‍්‍රව්‍ය හතරක මල්ලක් සහ එළවළු වර්ග 10 ක මල්ලක් රුපියල් 500 බැගින් මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබේ.

රතු කැකුළු සහල් කිලෝ දෙකක්, සීනි හා පරිප්පු කිලෝ 01 බැගින් සහ සැමන් ටින් එකක්ද වියළි ආහාර මල්ලට එක් කරන අතර එළවළු මල්ලට ග්‍රෑම් 250 500 කිලෝව බැගින් කැරට් ලීස් බෝංචි බතල වට්ටක්කා මුගුණවැන්න තක්කාලි අමුමිරිස් රම්පෙ කරපිංචා ද ඇතුළත් කර ඇත.

රුපියල් 500කට ලබා දෙන ෙමම සහක ආහාර මල්ල වෙළෙඳ පොළේ රුපියල් අටසීයක් පමණ වන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ දුම්රිය සේවා රාජ්‍ය ඇමති සීබී රත්නායක මහතාගේ සංකල්පයකට අනුවයි.

මරදාන සහ කොටුව දුම්රිය ස්ථානවල දී ද මෙම සහන ප්කම ජනතාවට මිලදී ගත හැක.

19,072 Viewers

8 Comments to “රුපියල් 500ට එළවලු හා වියලි ආහාර සහන මල්ලක් රජයෙන්…”

  1. Kadiya says:

    දේශීයව නිපදවන සැමන් මාළු ටින් මිලදී ගැනීමට තිබේ. ආනයනික ඒවාට වඩා රසවත්. දැන් මාස ගාණක සිට අපේ නිවසේ රසබලා ඇත.

  2. මොළේ තියන පොහොට්ටුව says:

    ඔන්න බලාගන්න පොහොට්ටු රජය ජිිවන වියදම අඩුකලා.දැන් කාලා වරෙල්ලා !

  3. නිරෝෂා අරෝජනී says:

    මොනවද මේ විකාර වැඩ රටක ප්‍රශ්න මෙහෙම විසඳන්න පුලුවන්ද?
    කොහොමත්. බලන්න තව සති 2කින් ඕවා ඔක්කොම අවසන්

  4. Kavindu says:

    ආසියාවේ ආශ්චර්යය …..

  5. Pottu Amman says:

    Ohooma Kaala .. Labana Chandeth Dinawala deealama Balamu …

  6. Saradiel says:

    හොද වැඩක් ජය පතමු පොහොට්ටුවට ජය පතමු

  7. Bandq says:

    අවුලක් නෑ බං ලංකාවේ චන්ද දායකයොනේ
    ඔය මල්ලට තණකොළ ත් දාල දුන්නොත් මොකද?

    • හැකහැක says:

      පහුගිය කාලෙ ක්‍රෝටන් කොල, කෝප්ප කොල, සහ කොස් කොල කාපු උඹලට තන කොලත් හොඳ
      වැඩියි තමා.

Main News