රුපියල අදත් මස්තබාල්දුයි.. මුල් වරට 167 පනී.. අද පමණක් ශත 77කින් ඇද වැටේ..

September 19, 2018 at 12:40 pm | lanka C news
රුපියල අදත් මස්තබාල්දුයි.. මුල් වරට 167 පනී.. අද පමණක් ශත 77කින් ඇද වැටේ..

ශ්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල පසුබෑමකට ලක්ව ඉතිහාසයේ වැඩිම බාල්දුව පෙන්වා ඇති බව මහ බැංකු විනිමය අනුපාත සටහන පෙන්වා දෙයි.

මහ බැංකුව වාර්තාවේ දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 163.87ක් හා විකිණුම් මිල 167.41ක් ලෙසිනි.

ඊයේ දිනයේ විනිමය අනුපාත දැක්වුනේ ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 163.10ක් හා විකිණුම් මිල 166.64ක් ලෙසය.

ඒ අනුව අද දිනයේදී පමණක් රුපියල ශත 77කින් බාල්දු වී ඇත.

ලෝකයේ සෙසු ප‍්‍රධාන මුදල් ඒකක ඉදිරියේදීද අද දිනයේ රුපියල විශාල බාල්දුවකට ලක්ව තිබේ.

118 views

17 Comments to “රුපියල අදත් මස්තබාල්දුයි.. මුල් වරට 167 පනී.. අද පමණක් ශත 77කින් ඇද වැටේ..”

  1. Lolla says:

    Congratulations Ranil !
    Asia’s brilliant brain …….Lol !!

Main News