රුපියල අවප‍්‍රමාණය වුවත් ආර්ථිකය ශක්තිමත්.. ආසියාවේ අඩුම අවප‍්‍රමාණය අපයි..- මුදල් ඇමති

September 21, 2018 at 1:20 pm | lanka C news
රුපියල අවප‍්‍රමාණය වුවත් ආර්ථිකය ශක්තිමත්.. ආසියාවේ අඩුම අවප‍්‍රමාණය අපයි..- මුදල් ඇමති

රුපියල අවප‍්‍රමාණය වී ඇතත් මෙරට ආර්ථිකයේ කිසිදු කඩාවැටීමක් සිදුව නැති බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

ආසියාවේ සෙසු රටවල් හා බලද්දී රුපියල අවප‍්‍රමාණය වී ඇත්තේ 7.4% ඉතාම අඩුවෙන් ප‍්‍රමාණයෙන් යයිද ඔහු පෙන්වා දෙයි.

රුපියලේ අවප‍්‍රමානය වීම විපක්‍ෂය විසින් ආර්ථිකය කඩාවැටීමක් යයි පෙන්වන්න උත්සාහ කරමින් ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

රුපියල අවප්‍රමාණය වී ඇත්තේ වර්තමානයේ ගෝලීය තත්වයන් නිසා බවත් වත්මන් ආණ්ඩුව උද්ධමනය 3.4%කට ගෙනැවිත් ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

300 views
Main News