රුපියල ඉතිහාසයේ ඉහලම බාල්දුවේ.. වසර අවසානයේදී ඩොලරය රුපියල් 200 පනිනු ඇතැයි පුරෝකථන…

August 17, 2018 at 11:20 am | lanka C news
රුපියල ඉතිහාසයේ ඉහලම බාල්දුවේ.. වසර අවසානයේදී ඩොලරය රුපියල් 200 පනිනු ඇතැයි පුරෝකථන…

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් ඊයේ දිනයේ වෙළෙඳපොළ කටයුතු නිමාවන විට රුපියල් 161.54 දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනයේදී මහ බැංකු වාර්තා අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 161.54ක් වෙද්දී ගැනුම් මිල වුයේ 158.34කි.

2018 වසරේ අගෝස්තු 10 වැනිදා දක්වා කාලය තුළ පමණක් ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සියයට 4.5% කින් අවප්‍රමාණය වී ඇත.

පෙබරවාරි මාසයේදී පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු දේශපාලනයේ ඇතිවූ අස්ථාවර තත්වයක් මත රුපියල අඛණ්ඩව පහත වැටෙමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් පුරෝකථන කරන්නේ මේ තත්වය යටතේ ශ්‍රී ලංකා රුපියල 2018 වසර අවසන් වන විට ඩොලරයක් හමුවේ රුපියල් 165 අගය ද පසුකර යනු ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෑතකදී රජය විසින් අත්සන් කරන ලද සංගප්පූරු නිදහස් වෙලද ගිවිසුම ක‍්‍රියාත්මක වුවහොත් මේ වසර අවසානයට පෙර රුපියලක් ඇමරිකානු ඩොලර් 200 ඉක්මවනු ඇති බවයි.

277 views

9 Comments to “රුපියල ඉතිහාසයේ ඉහලම බාල්දුවේ.. වසර අවසානයේදී ඩොලරය රුපියල් 200 පනිනු ඇතැයි පුරෝකථන…”

  1. Truth says:

    මෙතන වෙන්නේ ඩොලරය ශක්තිමත් වීමක් මිස රුපියල අව ප්‍රමාණය වීමක් නෙවෙයි. ඇ . ඩො . යට සාපේක්ෂව පවුම, යුරෝව, යෙන් එක, ඕස්ට්‍රේලියානු ඩොලරය සියල්ලක්ම අව ප්‍රමාණය වෙලා තියනවා. එත් එක්කම පවුම, යුරෝව, යෙන් එක, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා තියනවා.
    ඒක නිසා මේ ප්‍රපංචය නිවැරදිය විශ්ලේෂණය කරොත් අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ මෙතන තිබෙන ප්‍රශ්නය රුපියල අව ප්‍රමාණය වීමක් නෙවෙයි ඩොලරය ශක්තිමත් වීමක් කියල

    • Amda says:

      Ya yA…..YaMaPaLaNaYa shining bright !!!

      • Truth says:

        Did I say Yahapalana gvt is good or something like that?
        What I meant was what I observed and analysed with available facts and information.

    • Another yahapalana anaus licking brainless fellow with brain in the anus.

      • Truth says:

        All what foolish baiyas know is to bark when someone presents well analysed facts. That shows who are the brainless people.
        Please go and refer the fact what I’ve mentioned and analyse them (if u hv a brain to analyse) and come to a conclusion.
        Don’t be a traditional boot licking voter.

  2. නෙවිල් says:

    මෙන්න ජහපාලන ආර්ථික ආචාරියෙක් කියන මෝඩ බයිලාවක්….මුන් තමයි ලංකාව කෑවෙ

  3. John the baptice says:

    ඉතිහාසය අමතක වුවන්ට UNPයේ දේශපාලන නිරුවත

    http://www.yuthukama.com/2015/07/unpNiruwatha.html

  4. සීගිරි says:

    අළුත්ම තත්වය නම් රැපියලටත් වඩා අර්බූදයකයි ඩොලරය පවතින්නේ !!!!!
    ඇ.ඩොලරය රැපියල් 200ය ව‌ෙනකම් ඩොලරය පවතීවිද කියලත් සැකයක් තියනෙවා.
    රැසියාව,චීනය,ඉරානය,තුර්කිය වගේ රටවල් ඩොලරයට පයින් ගහලා යුආන් රෑබල් වලින් ගනුද‌ෙනු කරන්න පටන් අරන්..
    ඒ රටවල් දැන් ලංකාව සමගත් යුආන් රෑබල් රැපියල් වලින් ගනුද‌ෙ නු කරන්න සූදානම් ව‌ෙනවා.
    සීගිරි 2018.08.17 ම‌ෙ‌හ‌ෙම කිව්වා කියලා මතක තබා ගන්න !!!

    • Lapaya says:

      Kollupitiye China. Rusiya gonwkuta dila balapan Rupiyal. Rubal hari yuwan ganida balanna un illanneth dolar ban. Oka kiyapan hirikothe gonekuta.