රුපියල ඉතිහාසයේ දරුණුම බාල්දුව අදයි..

April 24, 2018 at 12:00 pm | lanka C news
රුපියල ඉතිහාසයේ දරුණුම බාල්දුව අදයි..

මෙරට ඉතිහාසය තුල ශ‍්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරයක් හමුවේ උපරිම බාල්දු වීම අද දිනයේ සිදුව ඇත.

අද මහ බැංකු වාර්තා අනුව ඩොලරයක් විකුණුම් මිල රුපියල් 158.17ක් වූ අතර ගැනුම් මිල 154.39ක් විය.

ඩොලරයක් රුපියල් 158 ඉක්මවා ඇත්තේ පලමු වතාවටයි.

විදෙස් අයෝජන නොමැතිවීම, ආනයනය ඉහල යාම, දේශපාලන අස්ථාවරත්වය ආදි කාරණා මත මෙම තත්වය නිර්මාණය වී ඇත.

136 views
Main News