රුපියල උඩුකුරුඤ්ඤං.. තුන් වසරට 19%කින් බාල්දුයි.. රටම අමාරුවේ..

April 26, 2018 at 6:26 am | lanka C news
රුපියල උඩුකුරුඤ්ඤං.. තුන් වසරට 19%කින් බාල්දුයි.. රටම අමාරුවේ..

දිගින් දිගටම සිදුවන ඩොලරයට සාපෙක්ෂව රුපියලේ බාල්දු වීම රටේ ජනතාවගේ ආර්ථිකයට විශාල පීඩාවක් ඇතිකරනු ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු ඒ බව පැවසූවේ දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදය විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

වත්මන් රජය බලයට එනවිට ඩොලරයක අගය රුපියල් 133 ක් පමන වුනා. මේ වසර 3 තුල රුපියලේ අගය 19% කින් පහල වැටිලා.

2015 වත්මන් රජය බලයට එනවිට ලංකාවේ විදේශ ණයවල අගය රුපියල් වලින් බිලියන 3200 ක් පමන වුනා. රුපියල බාල්දු වීම නිසා අද එම ණය ප්‍රමානයම ගෙවන්න තවත් රුපියල් බිලියන 600 කට වඩා අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ යුගයේ කරපු නොරිච්චෝලේ තාප බලාගාරය. සියලුම අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොල වැනි සියලූම ව්‍යාපෘතීන්ට ගිය මුදලේ එකතුවත් මීට වඩා අඩුයි. ඇත්ත තත්වයනම් රජය මේ වසර 3 තුල විශාල වශයෙන් අලුතින් ණය ඇරන් තිබෙනවා. මේ ණය ගෙවන්න ගිය විටත් රුපියල බාල්දුවීමේ පලවිපාක අපිට දරන්නට වෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය දිනවල ලංකාවට ඇමෙරිකාබු ඩොලර් බිලියන 2.5 ක් ණයක් අනුමත උනා කියා රජය කීවා. ඒ සඳහා අපි පොලියක් ගෙවිය යුතුයි. පසුගිය දින කිහිපය තුල රුපියල බාල්දුවීමේ ප්‍රතිපලයක් ලෙස අප විසින් ගෙවිය යුතු පොලිය පමනක් රුපියල් වලින් ගනන් බැලුවොත් කෝටි 1500 කින් පමන වැඩි වෙලා. මේ මොනතරම් විශාල මුදලක්ද ?

රුපියල කඩා වැටීමට මූලික හේතුව රජයේ ආර්ථික කලමණාකාරිත්වයේ අසාර්ථක බාවයයි. පසුගිය වසර 3 තුල පමනක් ආර්තික සංවර්ධන වැඩ පිලිවෙලවල් 9 ක් ඉදිරිපත් කිරීමෙන් තමුන්ට ඇත්තෙන්ම කිසිම වැඩ පිලිවෙලක් නැති බව රජය පෙන්වූවා. එහි ප්‍රථිපලයක් ලෙස ලංකාවට විදේශ ආයෝජන පැමිනීම දුර්වල වෙලා. 2017දී ලංකාවට අලුතින් ලැබී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17 ක විදේශ ආයෝජන පමනයි. 2014 අපට ඩොලර් මිලියන 1500 කට වඩා විදේශ ආයෝජන තිබුනා. අද විදේශ ආයෝජකයෝ කඩා වැටෙන කොළඹ කොටස් වෙළඳ පොලෙන් ආයෝජන ඉවත් කර ගන්නවා. අපනයනය දුර්වල වීම නිසා වෙළඳ පරතරය වැඩිවෙලා. පිට රටවල වැඩකරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයෝ ලංකාවට මුදල් එවීම ප්‍රමාද කරනවා රුපියල දිගින් දිගටම දුර්වල වන නිසා. ආනයන කරුවන් හැකි ඉක්මනින් තම භාන්ඩ ආනයනය කරන්න පෙළබිලා තිබෙනවා ඩොලරයේ මිල තවත් ඉහල යන්නට පෙර. මේ සියල්ල බලපානවා රුපියල තවදුරටත් බාල්දු වීමට. මෙය හරියට විශම චක්‍රයක් වගේ. ගොඩ ඒමක් නැහැ මේ රජය යටතේ නම්.

ලෝක වෙලඳ පොලේ තෙල් මිල ඉහල යමින් තිබෙනවා. කොරේ පිටට මරේ වගේ මේ පැත්තෙන් රුපියලත් බාල්දුවෙමින් පවතින නිසා මෙය රටට විශාල බලපෑමක් ඇති කරාවි. අනාගතයේ තෙල් මිල පමනක් නොවේ ඒ නිසා එකිනෙකට බද්දව තිබෙන ක්ෂේස්ත්‍ර ගනනාවක මිල ගනන් ඉහල ගොස් ජනතාවට ඉතා අසීරු කාලයක් උදා වේවි.

මෙ තත්වය වෙනස් කරන්නට වත්මන් රජයට නම් බැහැ. මන්ද ඔවුන්ට මෙයට විසඳුම සොයන්නට පැහැදිලි ආර්ථික දැක්මක් නැහැ. දැක්මක් නැති නිසා ඉලක්ක නැහැ. ඉලක්ක කරා යන්න සැලසුමුත් නැහැ. ඒ නිසා අර්බූදය එන්න එන්න වර්ධනය වෙන්වා මිස විසඳුම ඉදිරිපත්වන්නේත් නැහැ.

මේ අර්බූදයට එකම විසඳුම වැඩ බැරි ආන්ඩුව ගෙදර යවා ආර්ථිකය ගැන දැක්මක් හා සැලැස්මක් ඇති ශක්තිමත් කන්ඩායමකට රට බාර දීමයි.

– චාමින්ද කරුණාරත්න

28 views

2 Comments to “රුපියල උඩුකුරුඤ්ඤං.. තුන් වසරට 19%කින් බාල්දුයි.. රටම අමාරුවේ..”

  1. බන්ඩා says:

    ගොන්ජ, ටොමිය, රතන හිමි අැතුලු එජාප මංත්‍රිලට තමන් පොපියුලර් වෙන්න වෙන වෙන ව්‍යාපෘති තියනවා.
    බක පන්ඩිත කතා කිව්වට උන්ට රටේ අාර්තිකය ගැන තේරැමකුත් නැහැ, දැනුමකුත් නැහැ, දැක්මකුත් නැහැ, වැඩකුත් නැහැ. රටට කෙලවෙනව කියල අපේ ගම් වල කැපුවත් කොල ගොන් එජාප පාක්ෂිකය පිලිගන්නෙ නැහැ.

  2. Nala says:

    Anagatha Janadhipathi lekam thumani kate masuran danna watina kathawa

Main News