රුපියල කඩා වැටීමෙන් විදේශිය ආයෝජන වහා රටින් පිටවේ.. ඇමරිකානු ටෙම්පල්ටන් අරමුදල ඩොලර් බිලියන 2ක් රැගෙන යයි..

March 3, 2017 at 3:50 pm | lanka C news
රුපියල කඩා වැටීමෙන් විදේශිය ආයෝජන වහා රටින් පිටවේ.. ඇමරිකානු ටෙම්පල්ටන් අරමුදල ඩොලර් බිලියන 2ක් රැගෙන යයි..

ලෝකයේ ප්‍රධානතම මූල්‍ය කලමණාකරණ ආයතනයක් වන ඇමරිකාවේ ටෙම්පල්ටන් Templeton Investments ආයතනය ශ්‍රී ලංකාවේ තම ආයෝජනය ඉවත් කර ගැනීමට තීරණය කොට ඇත. මෙම මූල්‍ය ආයතනය ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් පසුගිය රජය සමයේ ආයෝජන කොට තිබුණි.

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රීලංකාවේ ආයෝජනයට පැමිණි මෙම සමාගම 1947 ඇමරිකාවේ නිව්යෝර්ක්හි ආරම්භ කරන ලදි. ලෝකයේ විශාලතම වත්කම් කලමණාකරන සමාගමක් වන ෆ්ර්න්ක්ලින් ටෙම්පල්ටන් ඉන්වෙට්මන්ට් Franklin Templeton Investments එහි මව් සමාගම වන අතර එම අරමුදලේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 850 ඉක්මවයි. එනම ශ්‍රීලංකාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය මෙන් දස ගුණයකි. එමෙන්ම වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8 කට වඩා වැඩිය.

පසුගිය වසරේ 2016 දි එම සමාගම ශ්‍රී ලංකාවේ කල ආයෝජනවලින් 50% එනම් ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉවත් කරගත් අතර ඉතිරි බිලියනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 475 ක් මේ වසරේ පලමු දෙමස තුල ඉවත් කරගෙන ඇත. ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් 525 ද මෙම වසර අවසන් වීමට පෙර ඉවත් කර ගැනිමට අදාළ ඇමරිකානු සමාගම කටයුතු කරමින් සිටි.

ශ්‍රීලංකාවන් ඉහත ආයෝජන ඉවත් කර ගැනීම සම්බන්ධ මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා ඇමරිකානු ඩොලරයේ අගය ඇමරිකාවේ සත 0.25% අවප්‍රමාණය වී ඇති නිසා මෙසේ ඇමරිකානු සමාගම ශ්‍රීලංකාවේ ආයෝජනය කල මුදල් රැගෙන යන බව පවසයි.

එහෙත් ආර්ථික විශේෂඥන්ගේ මතය නම් ඇමරිකානු සමාගමේ ආයෝජනය සඳහා, මහින්ද රාජපක්ෂ යුගයේ දි වසර 9 ට රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 25 කි එනම් වසරකට 3% පමණි. එහෙත් මෙම රජයේ වසර දෙකකට රුපියල් 25 ක් අවප්‍රමාණය වී ඇත, එය 12% පමණ ප්‍රතිශතයකි. (එදා ඩොලර්ය රුපියල් 131යි අද රුපියල් 155 කට ආසන්නයි)

එනම් ඔහුන්ගේ ශ්‍රීලංකාවේ ආයෝජනක් සඳහා භාණ්ඩාගාර බැදුම්කර වෙනුවෙන් ලැබුන වාර්ෂික පොලිය 8% සිට 10% දක්වායි. එහෙත් රුපියල අවප්‍රමාණය වීම ඊට වඩා වැඩි හෝ ඒ සමානය, ඒ අනුව තමන් අයෝජන කල ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් එම ආයෝජකයින්ට අවසානයේ දී ලැබීම මෙයට ප්‍රධාන හේතුව බවයි.

ශ්‍රීලංකාවේ රුපියල කඩා වැටීම හමුවේ ඉදිරියේදී කිසිම විදේශීය ආයෝජනයක් මෙරටට නොඑන අතර දැනට ශ්‍රීලංකාවේ භාණ්ඩාගාර බැදුම්කර සඳහා ආයෝජනය කර ඇති සෑම ඩොලර්යක්ම ශ්‍රීලංකාවෙන් රැගෙන යෑමට ආයෝජකයින් උත්සහ ගනු ඇත. මේ අනුව කිසිම වත්කම් ආයෝජකයෙක් (Fund Management Agency) රටේ රුපියලේ අගය ස්ථාවර වන තෙක් ශ්‍රීලංකාව දෙස නොබැලීම මීට හේතුව බැව් ආර්ථික විශේෂඥයන් වැඩිදුරටත් පැවසිය.

මූලාශ‍්‍ර මෙතනින්

30 views

7 Comments to “රුපියල කඩා වැටීමෙන් විදේශිය ආයෝජන වහා රටින් පිටවේ.. ඇමරිකානු ටෙම්පල්ටන් අරමුදල ඩොලර් බිලියන 2ක් රැගෙන යයි..”

  1. කරුංකනායගම් says:

    රුපියල කඩා වැටුනහම අපිට මොකද මේ අවුරුදු 2 කට අපි පරම්පරා ගානකට හම්බකර ගෙන ඉන්නේ.

  2. Perera says:

    මේක රට අස්ථාවර කිරීමේ mara ගේ කුමන්ත්‍රණයකි. mara ගේ බැදුම්කර මගඩියෙන් රට ගලවා ගැනීමට සුදුතුම්පිය රනිල් උතුමාණන් සහ රවී මැතිතුමා සිය පුද්ගලික ධනය පවා පරිත්‍යාග කරමින් දැවැන්ත උත්සාහයක නිරත වන කල්හි, mara ගේ මේ කුමන්ත්‍රණ අතිශය පිලිකුල්සහගතය . ජනතාව mara ව ප්‍රතික්ෂේප කල අතර යලි mara එපා එපා එපා ලක්ෂ 80ක් ජනතාව හඩ නගති.

    • Gonja says:

      Your 80 lakhs people must be in Tamilnadu and not in Sri Lanka.
      We want Mr and GR to to govern the country properly!
      Don’t be ungrateful!

    • Sihala Yaka - සිහල යකා says:

      Many people who cannot grasp sarcasm ….

      • Sagar says:

        Holy guacamole – just when I think you can't get any more glamorous! How gorgeous was Keef – look at his bicep in that pic – PHWOARR!!! Vix you are as beautiful as always. And Melanie, your anonymous commenter above, is a lovely antidote to other anonymous cotsenmerm. Welcome to blogland Melanie! Sarah xxx

  3. WELL SAID Ganja…agree with your above comment 100%……..SINHALESE open your eyes atleast now…WAKE UP and send this dirty brapathi gramasevaka yamapalana HORU HOME NOW & SAVE our motherland……

  4. Jimbo says:

    Superb inaoimftron here, ol’e chap; keep burning the midnight oil.

Main News