රුපියල කඩා වැටෙන්නේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් කරන වැඩ නිසා.. අපේ වරදක් නොවෙයි..

September 20, 2018 at 6:48 pm | lanka C news
රුපියල කඩා වැටෙන්නේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් කරන වැඩ නිසා.. අපේ වරදක් නොවෙයි..

අද සිදුවන්නේ රුපියල අවප‍්‍රමාණය වීමකට වඩා ඩොලරයේ අගය ඉහළ යාම බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමෙරිකානු ජනාධිපති විසින් එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම නිසා ඩොලරයේ අගය වැඩි වී ඇතැයිද ඔහු සදහන් කරයි.

වත්මන් ඇමෙරිකා ජනාධිපතිවරයා වෙනස් විදහට හිතන බවත් මීට කලින් ඇමෙරිකා ජනාධිපතිවරුන් මෙවැන්නක් නොකල බවත් ඔහු පෙන්වා දෙයි.

ඇමෙරිකානු ඩොලරය අද ඇමෙරිකාව තුළම තබාගැනීම ලාබදායී නිසා අපේ රටවලට ඩොලර් පැමිණෙන්නේ නැති බවත් එවිට ලෝකයේ සෙසු මුදල් ඒකකද කඩා වැටෙන බවත් ඇමතිවරයා පැවසීය.

213 views
Main News