රුපියල කඩා වැටෙන්නේ මහ බැංකුවේ කුමන්ත්‍රණයක් නිසා.. – මුදල් ඇමති
January 14, 2017 at 4:40 pm | lanka C news
රුපියල ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් එම උත්සාහය දුර්වල කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් අය උත්සාහ කරන බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා චෝදනා කළේය.
මහ බැංකුවේ සිටින හිටපු අධිපතිගේ හෙංචයියන් දෙතුන් දෙනෙක් මේ උත්සාහය කරන බවද ඉදිරි දින කිහිපය තුළ මේ අය කවුද කියා නම් කරන බවද මුදල් ඇමැතිවරයා කියා සිටියේය.
සැබෑ රුපියලේ අගයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ සඳහා මාස දෙකක් දෙන්න. ඇතැම් අය අපේ එම උත්සාහය දුර්වල කිරිමට උත්සාහයක් දරනවා. මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියමින් මෙය කරනවා. අද ලෝක ආර්ථික අර්බුදයක් තියෙනවා. රුපියල නැවත ශක්තිමත් වෙනවා. ඇතැම් අය ඊට බාධා කිරීම ගැන මා කනගාටු වෙනවා. මුදල් ඇමැති හෝ අගමැති යමක් කිව්වොත් එය මූලික වශයෙන් රජයේ ප්රතිපත්තියයි.
– දිවයින
මහ බැංකු බැඳුම්කරයට කෙලිය ටිකම ඇතිනේ රුපියල කඩාවැටෙනවා රුපියල ගිලෙනවා කිසිම එකෙකුට වත් ගොඩගන්න බැරිවෙන ක්‍රමයට?
Asiyaawe honndama mudal Amati kiyala kiwwe kawuda ban?
බලේ තියෙන්නෙ තොපි ගාවනෙ.කුමන්ත්‍රණකාරයො අල්ලන්න කල් ගන්න ඕනෙද?දීපංකො ඕඩර් එක කරුංක ගෙඩියක් වගේ ඇඹරෙන්නෙ.
බැරිමනම් යමන් කන්නාඩිය ඉස්සරහට ඕන් ඉන්නව කුමන්ත්‍රණ කාරය.අල්ලගනින්..
Ape mati molayata nam therenne seemaavak nathiva gahana gahili vala prathipalayak lesai.