රුපියල දරුණුවටම කඩා වැටේ.. ඩොලරයක් 165 පනී..

September 17, 2018 at 1:20 pm | lanka C news
රුපියල දරුණුවටම කඩා වැටේ.. ඩොලරයක් 165 පනී..

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදී මුල් වරට ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ රුපියල් 165 ඉක්මවා බාල්දු විය.

මහ බැංකුවේ වාර්තා අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 161.81ක් වූ අතර විකුණුම් මිල වූයේ රුපියල් 165.14කි.

කෙසේ වෙතත් පුද්ගලික බැංකුවල විකිණුම් මිල මීට වඩා වැඩි අගයක් ගනී.

112 views
Main News