රුපියල දෙවසරකදී රුපියල් 20කින් බාල්දු වේ.. ඊයේ 152 පනී.. මහින්ද යද්දී 132යි..
December 23, 2016 at 8:40 am | lanka C news
ඇමරිකානු ඩොලරය ඉදිරියේ ශ්රි ලංකා රුපියල ඉතිහාසයේ වැඩිම බාල්දු වීම වාර්තා කරමින් ඊයේ දිනයේ ඩොලරයක් රුපියල් 152 සීමාව ඉක්මවීය.
ඊයේ දිනයේ දී ඩොලරයේ විකිණුම් අගය දැක්වුණේ රු. 152.12ක් ලෙසයි.
බැංකුවලටද දැඩි ඩොලර් හිගයක් ඇති බව බැංකු ක්ෂෙත්ර ආරංචි මාර්ග පවසද්දී මුදල් ඇමැතිවරයා පවසන්නේ කිසිදු ඩොලර් හිඟයක් නැති බවකි.
නව රජය බලයට පත් වූ 2015 ජනවාරියේදී ඩොලරයක විකුණුම් මිල දැක්වුනේ රුපියල් 133ක් ලෙසයි. ඒ අනුව දෙවසරක කාලය ඉක්ම යන්නටත් පෙර ඩොලරයක් රුපියල් 20කින් ඉහල ගොස් තිබේ.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භ වූ 2005 වසරේ අවසන් භාගයේදී ඩොලරයක් පැවතියේ රුපියල් 102 සීමාවේය.
එනම් රාජපක්ෂ යුගයේ වසර 09 කදී රුපියල් 30කින් අවප්රමාණ වෙද්දී යහපාලන යුගයේදී දෙවසරකින් රුපියල් 20කින් අවප්රමාණය වී ඇත.