රුපියල ප‍්‍රපාතය අභිමුව.. රැකගන්න දැඩි වෑයමක.. මෙරට බැංකුවලට ස්වෛරී බැඳුම්කර මිලට ගැනීම තහනම් කරයි…

December 28, 2020 at 5:30 pm | lanka C news
රුපියල ප‍්‍රපාතය අභිමුව.. රැකගන්න දැඩි වෑයමක.. මෙරට බැංකුවලට ස්වෛරී බැඳුම්කර මිලට ගැනීම තහනම් කරයි…

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී බලපත්‍රලාභී බැංකු විසින් තරමක විශාල ආයෝජනයක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමේ දී ආයෝජනය කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එමෙන්ම බලපත්‍රලාභී බැංකු විසින් තවදුරටත් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම වෙත ලැබෙන ගලාඒම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමට යොමුවන ආකාරයක් නිරීක්ෂණය වන බව ද මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වී ඇත්තේ මෙය දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමට හේතු වී ඇති බවයි.

මෙම සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාස 03 ක කාලයක් සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.

පසුගිය සතියේ දී එක්සත් ජනපද ඩොලරය විකුණුම් මිල රු. 194 සීමාව ඉක්මවා ගිය අතර එහිදී විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේය.

ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව අවධාරණය කරන ලදී.

– biz.adaderana.lk

59,959 views

25 Comments to “රුපියල ප‍්‍රපාතය අභිමුව.. රැකගන්න දැඩි වෑයමක.. මෙරට බැංකුවලට ස්වෛරී බැඳුම්කර මිලට ගැනීම තහනම් කරයි…”

  1. Gorilla says:

    අවසර හා මුදල් දෙනවනම් බිලියන ගනන් විදේශ විනිමය උපයන්න පුලුවන් යෝජනා තියෙනවා.

    • චන්දිමානි says:

      ඉදිරිපත්කරමු බලන්ට. අවසර දෙන්න පුළුවන්නම් දෙන්නම්.

    • හෙලයා says:

      මල්ලී , කුනු ගොඩවල් වලට කර ගහලා විහින් නැහෙන්න හදන්න එපා. ඔයත් ධම්මික බංඩාර වෙන්න ද හදන්නේ ?

  2. පනී ද මැල් says:

    “රුපියල ප්‍රපාතයට , නය ගෙවාගන්න බැරිව රට බංකොලොත්”
    මේක තමයි වෙන්න ඕන..
    මේ හේතුව නිසා රට සීග්‍රයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. ඇයි නය ගෙවන්න සල්ලි නැති වුනාම ඒ සල්ලි රට තුල ඉතිරි වෙනවා එතකොට ඒ සල්ලි ජනතාව අතර ට යනවා. ජනතාව ඉක්මනින් පෝසත් වෙනවා.
    මේක තමයි මේ ලෝකයේ කිසිම ආර්ථික විද්වතකුට මේ තාක් හොයාගන්න බැරිවුන අලුත්ම ශ්‍රි ලංකා ක්‍රමය

Main News