රුපියල බාල්දු වීමක් නෑ.. ඩොලරය ශක්තිමත් වෙලා.. රුපියල අඩු වීම ඉතාම වාසියි..

August 22, 2018 at 10:40 am | lanka C news
රුපියල බාල්දු වීමක් නෑ.. ඩොලරය ශක්තිමත් වෙලා.. රුපියල අඩු වීම ඉතාම වාසියි..

අද වන විට සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකා රුපියල බාල්දු වීමක් නොව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීමක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

ලෝකයේ සෙසු මුදල් එක වලට සාපේක්ෂව ද ඇමරිකානු ඩොලරය ශක්තිමත් වී ඇත්තේ වත්මන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගන්නා තීන්දු තීරණ හේතුවෙන් යැයි ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඩොලරයක මිල වැඩිවීම නිසා මෙරට අපනයනය සඳහා වැඩි මුදලක් ලැබෙන රටට විදේශ ආයෝජන වැඩි වීමත් සමඟින් රුපියල ස්ථාවර කළ හැකි මට්ටමකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

122 views
Main News