රුපියල බේරාගන්න ලොව පුරා ඇති කළු සල්ලි ප‍්‍රශ්න කිරීමකින් තොරව ලංකාවට ගේන්නැයි කියයි..

September 28, 2018 at 3:50 pm | lanka C news
රුපියල බේරාගන්න ලොව පුරා ඇති කළු සල්ලි ප‍්‍රශ්න කිරීමකින් තොරව ලංකාවට ගේන්නැයි කියයි..

ඩොලරය ඉහල යාම පාලනය කිරීම සදහා විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් සතු මුදල් කිසිදු ප‍්‍රශ්න කිරීමකින් හෝ බදු අය කිරීමකින් තොරව ලංකාවට ගෙන ඒමට අවසර දිය යුතු යයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.

වසර ගණනාවක් විදෙස් රටවල ආදයම් උපයන ලද ලාංකිකයන්ට මෙරටට මුදල් ගෙන ඒමේදී කිසිදු ප‍්‍රශ්ණ කිරීමක් නොකර ගෙන ඒමට අවසර දුනහොත් ඩොලයර නිකම්ම පහල බහිනු ඇතැයිද ඔහු කියා සිටියේය.

කොහෙන් හෝ කුමක් කර හෝ කමක් නෑ මේ රටට සල්ලි ගෙන ඒමට අවසර දිය යුතු බවද කී ඔහු එය රුපියල අවප‍්‍රමාණයට හොද විකල්පයක් බවත් පක්ෂ විපක්ෂ සියළු දෙනා මීට සහාය දැක්විය යුතු බවත් ඔහු කියයි.

ලෝකයේ අද මෙතරම් ආර්ථික අර්බුදයක් තිබියදී රටේ ආර්ථිකය මේ තත්වයෙන් පවත්වාගෙන යාම ගැන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, මුදල් ඇමතිතුමාට ස්තූතිවන්ත විය යුතු යයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

309 views

13 Comments to “රුපියල බේරාගන්න ලොව පුරා ඇති කළු සල්ලි ප‍්‍රශ්න කිරීමකින් තොරව ලංකාවට ගේන්නැයි කියයි..”

  1. Mata mongal says:

    Ayi booruwo kunu dathata kiyapanko ara mahinda horage dubai bankuwe thiyena dollar biliyana 18 genna kiyala

  2. Samuvel says:

    යකෝ අර මහින්දයි පවුලේ අයයි පිටරට හන්ගල තියල හම්බුවුන ලඟදී ගේනවයි කියපු ඩොලර් බිලියන 18 ගෙනාව නම් වැඩේ ගොඩනේ.

  3. Boo says:

    ඉක්මනට සල්ලි එවාපල්ලා මුන්ට සැප වාහන අරං පච කෙල කෙල සවාරි ගහන්න.

Main News