රුපියල රැකගන්න ඩොලර් විකුණයි… මූල්‍ය අරමුදලෙන් ලැබුණු SDR කොටසකුත් ඒ අතර…

September 14, 2021 at 6:24 am | lanka C news
රුපියල රැකගන්න ඩොලර් විකුණයි… මූල්‍ය අරමුදලෙන් ලැබුණු SDR කොටසකුත් ඒ අතර…

2021 ජූලි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අතිප්‍රමාණය විය. 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා කාලය තුළ රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.8කින් අවප්‍රමාණය විය. අන්තර් බැංකු වෙළෙඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙහිදී පෙන්වා දේ.

මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය විය.

අපනයන ඉපැයීම්වලින් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හුවමාරුවලින් කොටසක් අඛණ්ඩව අවශෝෂණය කර ගන්නා අතර ම, අත්‍යාවශ්‍ය විදේශ විනිමය ගනුදෙනු නිසි පරිදි සිදුකිරීම සඳහා මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම් මගින් ලැබුණු මුදල් කොටසක් උපයෝගී කරගනිමින් වෙළෙඳපොළට විදේශ විනිමය ද්‍රවශීලතාවය සපයන ලද බව 2021 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තා පෙන්වා දේ.

මේ අතර 2021 අගෝස්තු මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 49.38 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 225.50 ක් විකුණා ඇති බව මහ බැංකු ප්‍රකාශනයක වැඩිදුරටත් සඳහන් වේ.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් කල්පිරුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමත් සමඟ 2021 වසරේ ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ‌ඩොලර් බිලියන 2.8ක් විය. මෙම දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 1.8කට සමාන විය.

දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2021 වසරේ ජූලි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් වූ අතර, එම ප්‍රමාණය මාස 3.8ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් විය.

ඉහත වාර්තා කර ඇති සංචිත මට්ටම තුළ චීන මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අත්සන් කිරීමට යෙදුණු යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක) තුන් අවුරුදු ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම ඇතුළත් නොවේ. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව සමඟ ඇති කර ගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ලැබීමත් සමඟ 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගියේය.

– biz.adaderana

60,328 views

21 Comments to “රුපියල රැකගන්න ඩොලර් විකුණයි… මූල්‍ය අරමුදලෙන් ලැබුණු SDR කොටසකුත් ඒ අතර…”

  1. A Sri Lankan says:

    Tragic Mistake trying to keep the LKR/ USD rate closer to 200/= by selling our USD..

    • චූටි චිටගේ චූටි දැක්ම says:

      Exactly. These damn fools don’t realise the risk of damage to LKR by such artificial exchange rate controlling. According to Bandula if everything is priced according to demand and supply why not USD. This is superstitious thinking that our economic depression will be recovered in a such a date and keep pumping USD until then. Ridiculous economic management. Why public money is wasted on maintaining a huge staff in Central Bank?

      • sandeep says:

        The Super Brainees of 2015 to 2019 floated the Rupee which caused rapid growth from 135 to 185 Rupees for a Dollar. Do we need better evidence to prove floating and IMF loans is the best strategy? There are few short sighted / blind professors who think their comment is arguably best comment.

  2. ස' ජෝර්ජ් says:

    ඔතන ලොකු මාෆියාවක් තියෙනවා. රුපියල බාල්දු වෙන එක තමයි රටට වැඩකරන මිනිහාට හොද. ඒ උනාට ඔය ඉන්න බිස්නස් කාරයො ටික මහ බැංකුවේ නිලදාරීන් , මුදල් ඇමති අල්ලගෙන රුපියල බලෙන් උඩින් තියාගෙන ඉන්න හදනවා. නිලදාරීන් රුපියල වට්ටවන්න හැදුවොත් මාෆියාකාරයෝ වීරවංශ වගේ මෝඩ , කට තියෙන , ජාතී ආලේ තියෙනවා කියලා මිනිස්සු හිතන දේශපාලකයෙකුට පොඩි ගාණක් දීලා කැගස්ස්වනවා.

    • samantha says:

      Ane mahaththyo nodanna arthika widyawak katha nokara hitahan….

      • ස' ජෝර්ජ් says:

        දන්න හින්දා තමයි කියන්නේ. නොදන්න හැම එකාම කියන්නේ අනිත් එවුන් දන්නේ නැ කියන එක

        • samantha says:

          රුපියල බාල්දු උනහම වැඩ කරන එකා හිතනවා ලොකු පඩියක් එනවා කියලා. 1960 ඉදන් සිංගප්පුරුපුවෙ අවප්‍රමාණ වීම 5%ට අඩුයි. ඒ කාලේ ලංකාවේ වාහනයක් ගන්න පුලුවන් රුපියල් 5000ක් විතර දෙනකොට. අද වෙනකොට ටයර් එකක්වත් ගන්න බෑ. හැබැයි සිංගප්පුරුවෙ එදා තිබුණ මිල අද වෙනකන් එහෙමමයි. එදා 5000ට ගත්තු එක වැඩිම උනොත් රුපියල් 10ක් 20ක් වැඩිවෙලා ඇති. ඒ කාලේ ලංකාවේ අවුරුදු ගාණක් වැඩ කරලා පැන්ෂන් ගිහින් බැංකුවක දාලා රු 20000ක් තිබුණ එකාගේ 20000හෙ වටිනාකම අද වෙනකොට ගනන් ගන්නෙ නෑ. හැබැයි එදා සිංගප්පුරුවෙ ඩොලර් 5000ක් දාපු එකාගෙ වටිනාකම බැහැලා තියෙන්නෙ දසම ගානයි. මොලයක් නැත්තම් ටෝක් නොදි හිටහන් අයියෙ….

          • ස' ජෝර්ජ් says:

            රුපියල බාල්දු උනහම උඹ කියලා තියෙන විදියටම උද්දමනය වැඩි වෙනවා. උඹ කියලා තියෙන්නේ උද්දමනය ගැන මිසක් ආර්තිකය ගැන නෙවෙයි. කවුද යකෝ පැන්ශන් ගිහිපු එවුන්ගේ fix deposit ගැන බලලා ආර්තික හදන එකා. පැන්ෂන් ගිහිපු එවුන්ට අවාසියි. බොරු රස්සාවල වැඩ කරන එවුන්ට පාඩුයි. ඒ උනාට නිශ්පාදන ක්‍රියාවලියේ ඉන්න හැම කෙනාටම වාසියි. වැඩි පඩි ලැබෙනවා. හිතන්න දෙයක් නැ. භාණ්ඩ මිල තීරනය කරන්නේ ලංකාවේ රුපියල නෙවෙයි. ඩොලර් එක. ඒකවත් දන්නේ නැතිනම් ආර්තිකේ ගැන කතා නොකර ඉදපන්. පොඩ්ඩක් බලපන් එලියට ගිහින්. නිශ්පාදකයෝ කියන්නේ රුපියල බාල්දු කරන්න කියලා. පාරිභොගියකයො තමයි රුපියල වට්ටන්න එපා කියන්නේ. ඒකෙන්ම තේරෙනවානේ ආර්තිකයට හොද රුපියල වට්ටන එකද , ඉහල දාන එකද කියලා.

          • baras says:

            ඔය කියුවෙ ගොන් කතාවක්

          • ස' ජෝර්ජ් says:

            රුපියල පහල ගියාම උඹ කියලා තියෙන විදියටම උද්දමනය වැඩි වෙනවා. උඹ කතා කරන්නේ ආර්ථිකය ගැන නෙවෙයි, උද්දමනය ගැන. ෆෙන්ශන් ගියපු එවුන්ගේ ආදායම බලලා ආර්ථික හදන්න බැ. පාරිභෝගිකයොන්ගේ පැත්තෙන් විතරක් බලලා ආර්ථික හදන්න බැ. හිතන්න දෙයක් නැ රුපියල බාල්දු උනහම වැඩ කරන එකාට ලොකු පඩියක් එනවා. තේ, රබර්, වී, මිල වැඩි වෙනවා. වැඩ කරන එකාගෙ ආදායම වැඩි වෙනවා. අයිස් ජොබ් කරන එවුන්ගේ ආදායම අඩු වෙනවා.

    • පින් මාළු වලේ කුසල් හාමි says:

      රුපියල වට්ටවන්න වත් උස්සන්න වත් කාටවත් බැහැ. රටේ ආර්ථිකය, විදේශ සම්ප්‍රේෂණ හොද නම් රුපියල නිකම්ම උඩ යනවා. තාවකාලිකව රුපියල ස්ථාවරව තිබ්බත් නැවත වාහාන සහ භාණ්ඩ ආනයනය යතා තත්වයට පත් උනහම නැවත රුපියල පල්ල්හෙහාට යනවා.

      • ස' ජෝර්ජ් says:

        රුපියල උඩ පහල යන්නේ නැ. යවන්න ඕන. සංසරණය වෙන මුදල් ප්‍රමාණය, රටේ භාන්ඩ හා නිශ්පාදනය පොලී අනුපාතිකය වෙනස් කරලා රුපියල fix කරන්න පුලුවන් .ඉන්දියාව, චීනය forced devalue කරනවා. රුපියල උඩ ගියොත් ආනයන කාරයින්ට හොදයි. දේශීය නිශ්පාදකයින්ට හොද නැ. පහල ගියොත් දේශීය කර්මාන්තවලට හොදයි.

      • සර් says:

        මේකට තියෙන එකම විසදුම විදේශ විනිමය හොයන්ඩ ඕන

  3. desta says:

    kudu buisness eka nisa tamai lankae dollar 💵 netthe hemadama kudu allanawa kudu walata wena dekuth dollar 💵 wena dekuth neha oaky paharaya wagei kudu buisness ekath maha molakaru nidalle 😀😀

  4. Praveen says:

    Complete waste of USD 150 million to maintain exchange rate. It is better to invest this money into Sri Lankan startups and tech companies that are trying to grow exports to actually earn dollars that can legitimately maintain a health exchange rate.

  5. Karunarathna says:

    ඩොලර් එකට පාවෙන්නෙ දුන්න නම් අපනයන වැඩි වෙනවා.. ආනයන ඉබේම අඩුවෙනවා ආනයනකරුවොන්ට වියදම වැඩි වෙන නිසා.. බලෙන් නීති දාලා ආනයන නවත්තන්න ඕන නෑ එතකොට.. දැන් පිරට් මිනිස්සු බැංකු හරහ ඩොලර් එවනවා අඩුයි.. කලුකඩේ වැඩිපුර හම්බෙන නිසා.. කලුකඩේට ඩොලර් යන එක නැවතිලා බැංකුව්ලට ඩොලර් එනවා.. පෙට්‍රල් ඩීසල් ගෑස් ගණන් යයි.. ඒකට කරන්න දෙයක් නෑ. මිනිස්සු අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුරුදු වෙයි..

  6. LalithM says:

    ඇයි කබරයා ඩොලර් අරං නොවේද තනතුරට ආවේ.

  7. Athula says:

    රුපියල් උස්සන්න තමයි දැන් මහජන ධනය කොල්ලකාපු අය ඒවා නීත්‍යනු කුල කරලා මේ අපේ සල්ලි කියලා උදම් අන්නන්න ලෝකගේ ගෝලයෝ ටික අනුමත කලේ . කොහොමද මොළ 7 නුවණ පසුව ලොකු party එකක් දාවි මලවානේ මන්දිරයේ ඒකටත් අයිති කාරයා ඒවි කොහොමද මොළේ ? හැබයි තව බොහෝ කෙටියි උඹලගේ කාලේ . ඔය ධනය ජනසතු කරන අයට පමණක බලය දෙමු පුයර බබාලා වැඩක් නැහැ

  8. ගෞම් ඊයාරාජ් says:

    මොල හතයි කබ්බයි එකතු වෙලා ආර්ථිකේට අරින්නවා ඇරිල්ලක් ආපහු ගොඩ ගන්න තියා හිතන්නවත් බැරි වෙන්න.

Leave a Comment

Main News