රුපියල 20%කින් බාල්දු වෙයි.. රටට පාඩුව බිලියන 800යි.. මහින්ද සමයේ කළ සියලූ ව්‍යාපෘතිවලට වැය වූයේ බිලියන 460කි..

July 2, 2018 at 6:29 am | lanka C news
රුපියල 20%කින් බාල්දු වෙයි.. රටට පාඩුව බිලියන 800යි.. මහින්ද සමයේ කළ සියලූ ව්‍යාපෘතිවලට වැය වූයේ බිලියන 460කි..

දඹුල්ලේදී පැවති ‘එළිය’ සංවිධානයේ සම්මන්ත‍්‍රණයක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් පල කලේය.

අපි මේ ඉන්නේ 2018 වසරේ. මීට වසර තුනහමාරකට කලින් 2014 වසර මතක් කළොත්, එදා අපි යුද්ධයක් අවසන් වෙලා සතුටින් හිටියේ. බැලූ බැලූ හැම තැනම වැඩ බිමක් වෙලා තිබුණේ. උද්ධමනය අඩු වෙලා, ජනතාවගේ බොහෝ ආර්ථික ප‍්‍රශ්න අඩු වෙමින් තිබුණා. රටේ ආර්ථික සංවර්ධන වේගය සියයට 7 කට තිබුණු රටක්. සංචාරයකයන් වැලනොකැඞී ආ රටක්. එදා සෑම කෙනෙක්ම රට ගැන අභිමානයෙන්, ආඩම්බරයෙන් කතා කළා. නමුත් අද තත්ත්වය කුමක්ද? ඊට හාත්පසින්ම වෙනස්. හැමෝම පිළිගන්නා විදිහට අඳුරු යුගයක් බවට රට පත් වෙලා. ජීවන බර හොඳටම වැඩි වෙලා. විදේශ ආයෝජකයන්, සංචාරයකයන් එන්නේ නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. කෘෂිකර්මාන්තය කඩා වැටිලා. විශාල ආර්ථික අර්බුදයක් රට තුළ ඇති වෙලා.

සුළු කාලයක් තුළ රටේ ආර්ථික අර්බුදයක් ආවේ ආණ්ඩුවේ නොහැකියාව නිසයි. නිදහසින් පසු රටේ රජයන් දහයක් පමණ තිබුණා. ඒ සෑම රජයකට තිබුණා යම්කිසි ආර්ථික ප‍්‍රතිපත්තියක්. අපි එකඟ වුණත් නොවුණත් ආර්ථික ප‍්‍රතිපත්ති ඒ ඒ රජයන්ට තිබුණා. යහපාලන වත්මන් රජය 2015 බලයට එන විට ආර්ථික ප‍්‍රතිපත්ති ගැන කතා කළාද? පසුගිය රජයට බැනීම පමණයි කළේ. බලයට පැමිණි පසු මේ රජය ආර්ථික ප‍්‍ර‍්‍රතිපත්ති නවයක් ඉදිරිපත් කර තිබෙනවා. අද මේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ එතැනින්. පළමු වරට ආර්ථික ප‍්‍රතිපත්තියක් නොමැති එකම රජයක් ලෙස යහපාලන රජය ඉතිහාසගත වෙනවා.

සිංහල කියමනක් තිබෙනවා ‘යාදෙක නොරත රත’ කියලා. ගැළපෙන්නේ නැති දෙපළකට මේ රට ගෙනි යන්න බැහැ. ප‍්‍රධාන පක්‍ෂ දෙකක් අද රට පාලනය කරන්නේ. ඒ ප‍්‍රධාන පක්‍ෂ දෙකට තිබෙන්නේ එකිනෙකට වෙනස් ආර්ථික ප‍්‍රතිපත්ති. ආර්ථික ප‍්‍රතිපත්ති දෙකක් තිබෙන නායකයන් දෙදෙනකුට රටක් කරන්න බැහැ. ඒ නිසා තමයි අපි හැමදාම දකින්නේ ජනාධිපතිවරයා කරන විට අගමැති වෙනස් කරනවා. අගමැතිවරයා කරන විට ජනාධිපතිවරයා වෙනස් කරනවා. සෑම තීරණයක්ම වෙනස් වෙනවා. 2017 මහ බැංකු වාර්තාව තුළින් පැහැදිලිව දක්වා තිබෙනවා ආණ්ඩුවට පැහැදිලි ආර්ථික දැක්මක් නැහැ කියලා.

එවක මිත්‍යාවක් තිබුණා එජාප රජයකට ආර්ථිකය හසුරුවන්න පුළුවන් කියලා. ඒ මිත්‍යාව අද සම්පූර්ණයෙන්ම බොරුවක් බවට පත් වෙලා. ව්‍යාපාරිකයන්ට හිතවාදීයි කියනවා. නමුත් අතුරු අයවැයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට බදු ගැහුවා. බදු රැසක් ඇති කරලා මේ රටේ ව්‍යාපාරික ජනතාව තුෂ්ණිම්භූත කරලා දැම්මා. මේ රටේ කිසි ව්‍යාපාරිකයෙක් දන්නේ නෑ හෙට බදු ප‍්‍රතිපත්තිය කුමක්ද කියලා. විදේශීය ආයෝජකයන් එන්නේ විශ්වාසය පදනම් කරගෙනයි.

උඩබලාගෙන කෙළගසාගත්තා වගේ ආණ්ඩුව හැමදාම කතා කරන්නේ රටේ ප‍්‍රශ්න ගැන විතරයි. අපේ රට ගැන අඳුරු චිත‍්‍ර මාවා පෑවා. විදේශීය ආයෝජකයන්ට අපේ රට කෙරෙහි විශ්වාසය නැති කරලා දැම්මා. පසුව මහ බැංකුව කොල්ලකෑවා. ඒ පාඩුව තාම අපිට දරා ගන්න බැහැ. අර්ථසාථක මුදලට එකතු කරන මුදලින් ද ඒ පාඩුව අපි ගෙවනවා. ඒ තරම් විශාල හානියක් මේ රටට ආණ්ඩුව කර තිබෙනවා. සියලූ වැරදි නිසා රුපියලේ බාල්දු වීම සියයට 20 යි. ඒනිසා රටට වූ පාඩුව බිලියන 800 ක් පන්නලා තිබෙනවා. මහින්ද රජය කළ සියලූ ව්‍යාපෘතිවලට ගියේ රුපියල් බිලියන 460 යි. නමුත් රුපියල බාල්දු වීම නිසා රුපියල් බිලියන 800 ක් ඉක්මවා තිබෙනවා. රට විනාශ කරන, දුර්දාන්ත රජය පන්නා දැමිය යුතුයි. යළිත් මේ රට ගොඩනඟන, සෞභාග්‍යමත් රජයක් බිහි කිරීමට අවශ්‍යයි.

– චමින්ද කරුණාරත්න

45 views

9 Comments to “රුපියල 20%කින් බාල්දු වෙයි.. රටට පාඩුව බිලියන 800යි.. මහින්ද සමයේ කළ සියලූ ව්‍යාපෘතිවලට වැය වූයේ බිලියන 460කි..”

  1. Gihan says:

    This is a rouge under whom pump and dumping of stocks thrived. He is the middle man who took the money from Krishna for Namal.

    • wimal says:

      Who is this mutt, just look like a donkey. During the last MR regime I can recall him as Godwahe who completely destroyed the CSE to pacify MR & Co. He is trying his best to come up with GR for his living.

  2. Mohan says:

    Awrudu 2k Kalin Yanna une oyalatath beri nisane ?

  3. ransith says:

    kisima plan ekak nethuwa hadapu airport wala messo wahanawa, lokka china walin salli aran rata ukasata thiyala den kela wila innawa… ubala wage chag golayao awith methana uduburalanawa…nodakin…

  4. Saradiel says:

    මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි‘ ලැජ්ජයි

  5. SUNIMAL says:

    “නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් තමන්ගේ පාලනය යටතේ හදනා බවයි” රනිල් සිරිසේන 62 ලක්ෂයක් ජනතාවට කියා සිටියේ වෙනස දැන් සැපද?

  6. Love nature says:

    වර්තමාන යහපාලන රජය තමන්ගේ බලය ගන්න දුන්න ඡන්ද පොරොන්දුවක් විදියට,

    ඔවුන් බලයට පත් වුනාට පස්සේ ලංකාවේ වෝක්ස් වැගන් සමාගමේ කම්හල විවෘත කරන බවත්, එයින් රැකියා දහස් ගණනක් උත්පාදනය වෙන බවත් රැකියා ප්‍රශ්නයට ස්ථිර සාර විසඳුමක් ඔවුන් රජයක් ලෙස ලබා දෙනවා කියලා.

    ඒ වුනත් ඊට සති කිහිපයකට පසුව වෝක්ස්වැගන් සමාගම ප්‍රකාශයක් නිකුත් කලේ ඔවුන් 30000ක සේවක ප්‍රමාණයක් ඉවත් කරත්දී නැවත රිය කම්හල් විවෘත කරන්නට බලාපොරොත්තුවක් නැති බවයි.

  7. SUNIMAL says:

    ඩේවිඩ් කැමරන් අනුව යමින් රනිල් ඉල්ලා අස්‌විය .

  8. john the baptice says:

    ඕනෑම දිරච්ච ලණුවක් ගිලින අපේ මිනිස්සු මෛත්‍රී පාලනයෙන් යහපාලනයක් අපේක්ෂාවෙන් වත්මන ජනාධිපති වන මෛත්‍රීපාල නමෝවිත්තියෙන් පත් කර ගන්න ලදී. පෙර පවකට හෝ පිනකට මෛත්‍රීපාල තුමාට හංසයාගේ පිහිටෙන් ගොඩයාමට අවස්ථාව ලැබුණ නමුත් ඔහුට දැන් වර්තමානය , අනාගතය හෝ අඩුම තරමේ අතීතයවත් හිමි නොවන තරමට පාච්චල් වී අවසානය. හංසයාට දියෙන් කිරි වෙන් කර ගත හැකි බව පැවසුවත් මෛත්‍රීපාල ට නම් දිය හා කිරි වෙන් වෙන් වශයෙන් ලබා දුන්නත් හදුනා ගැනීමට නොහැකි තරමටම ඔහු අන්ධ වී ඇත. රනිල්ගේ ඇම ගිල හංසයෙකු වූ මෛත්‍රී පාලගේ ජනාධිපති සිහිනය සැබෑ වූ නමුත් වර්තමාන අගමැති රනිල්ගේ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ පදයට නටන රූකඩයක් වීමට සිදු වේයැයි සිතන්නට නැත.

Main News