රුවන්පුර අධිවේගය ඇරඹෙයි..

September 4, 2020 at 8:02 am | lanka C news
රුවන්පුර අධිවේගය ඇරඹෙයි..

පසුගිය යහපාලන රජය මගින් අත්හිටුවා තිබූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2020-09-03 දින පැවති මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් ලබා දෙන ලදී.

කොළඹ රත්නපුර එක්කෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට පැල්මඩුල්ල දක්වා කිලෝ මීටර් 73.9ක් පුරා විහිදේ. එහි පලමු අදියර ලෙස කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඉංගිරිය දක්වා කි.මි. 24.3ක් ඉදිකරනු ලබයි. දෙවන අදියර ලෙස ඉංගිරියේ සිට රත්නපුර දක්වා කි.මි.21ක් ඉදිකරන අතර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා කි.මි.28.6ක් ඉදිකරනු ලබන්නේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ලෙසය. වසර තුනක් වැනි කාලයක් තුලදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇත.

පළමු අදියර යටතේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඉංගිරිය දක්වා කි.මි. 24.3කින් ඉදිකරනු ලබන කොටස සදහා රුපියල් බිලියන 80ක පමන ඇස්තමේන්තු ගත මුදලක් වැය වේ. මෙම ඉදිකිරිම් සදහා සුදුසුකම් ලත් දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීම අද දින (2020-09-03) සිදු කරන ලදී.

මේ අවස්ථාවට ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මැතිතුමා, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි මහතා ඇතුළු මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

59,220 views

5 Comments to “රුවන්පුර අධිවේගය ඇරඹෙයි..”

  1. හෙට වෙනුවෙන් says:

    jayawewa.

  2. sunimal says:

    අපේ රට සතුටෙන් සාමයෙන් පිරී ඉතිරේවා! බුදු සරණයි

  3. Citizens of Lanka says:

    For peace for an Island that you need Not High Ways? Many followers are mad and ignorant like which that UNP leadership ! Yes we wanted High Ways Island-wide ,no doubt about that .

  4. Aurora says:

    පැල්මඩුල්ල අදිවේගෙ ජනතාවගේ පැතුමක්. ඊට රටම අශිර්වාද කරනවා. ඒකෙ අනික් පැත්ත පලාත් සභා මැතිවරණය. පොහොට්ටුවට චන්දෙ දුන්න ලක්ෂ 69 අඩක් ඊට විරුද්ධයි. පලාත් සභා චන්දෙ තිබ්බොත් අන්ඩුවට බොහෝ අමිහිරි අත්දැකීමක් ලබන්න පුලුවන්.

  5. nimalsiri says:

    dath lombaa kalisam andina kasippu mudalaaliya johnstonta meken billion keeyak lebenawaada?

Main News