රුවන්පුර ගැටුමෙන් සිසුන්ට බරපතල තුවාල.. මවුපියන්ට නොකියන්නැයි උපදෙස්..

January 28, 2019 at 8:40 am | lanka C news
රුවන්පුර ගැටුමෙන් සිසුන්ට බරපතල තුවාල.. මවුපියන්ට නොකියන්නැයි උපදෙස්..

රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලත් සිසුනට ඒ බව තම දෙමවුපියනට හෝ නොදන්වන්නැයි පාලනාධිකාරිය උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

ගැටුම හේතුවෙන් තුවාල වී රෝහල්ගත කරන ලද සිසුන් දෙදෙනකුට මැහුම් 12 බැගින් දමා ඇතැයිද එහි අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි.

තම දරුවන් තුවාල ලබා ඇතැයි මෙතෙක් දෙමාපියන් නොදන්නේ යයිද සිසුවෙක් අප වෙත පැවසීය.

මෙම ප්‍රහාරය එල්ල කල පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ රැකවරණය සහිත අයෙක් යයිද සිසුන් චෝදනා කරති.

ක්‍රිකට් ස්ටම්ප්, පුටු, ගඩොල්, පිගන් යොදා මෙම ප‍්‍රහාරය එල්ල කර ඇතැයිද පැවසෙයි.

617 views