රුවන්මැලි සෑය ඉදියේ දිවුරුම් දුන් ජනාධිපති පුරාවස්තු වනසන අයට නිසි දඬුවම් දෙනවා.. සැක හිතන්න එපා..

July 23, 2020 at 8:40 am | lanka C news
රුවන්මැලි සෑය ඉදියේ දිවුරුම් දුන් ජනාධිපති පුරාවස්තු වනසන අයට නිසි දඬුවම් දෙනවා.. සැක හිතන්න එපා..

‘ජාතියක අනාගතය ගොඩනැගෙන්නෙ ඉතිහාසය කියන පාදම උඩ. ඒ ඉතිහාසයේ ජීවමාන සාක්ෂි හැටියට තියන පුරාවස්තු ආරක්ෂා කිරීම අපි කාගෙත් පරම වගකීමක්’ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්‍ෂක ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

“පුරාවස්තු විනාශ කිරීම ගැන අද හැම තැනකම කතා වෙනවා. අපේ අභිමානවත් ඉතිහාසයේ ජීවමාන සාක්ෂි මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බවට කිසිම විවාදයක් නැහැ.

කූරගල, විජිතපුර ඩෝසර් කරද්දි කරබාගෙන ඉදපු පහුගිය යහපාලනයේ හෙංචයියොත් අද පුරාවස්තු ආරක්ෂා කිරීම ගැන රජයට උපදෙස් දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා.

රට ජාතිය රකින්න මහ සෑය ඉස්සරහ දිවුරුම් දීපු ජනාධිපති කෙනෙක් ඉන්න රටේ පුරාවස්තු විනාශ කරන උදවියට නිසි දඬුවම් ලැබේවි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා” රැස්ව සිටි ජනතාව අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මෙවර මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරඟ වදින ගාමිණී වලේබොඩ මහතා පසුගිය යහපාලන සමයේ අත්සන් කිරීමට සූදානම් වූ එට්කා, සිංගප්පූරු වැනි රටට අහිතකර ගිවිසුම්වලට විරුද්ධව දැඩිව පෙනී සිටි අයෙකි.

එසේම ඒ මහතා දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව විශ්වාස කරන අයෙකි.

228 views
Main News