රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්.. ඝර්භයට, පේසා වලලුවලට දැඩි හානි..

October 19, 2019 at 8:02 am | lanka C news
රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්.. ඝර්භයට, පේසා වලලුවලට දැඩි හානි..

අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද මහතා සදහන් කරනු ලැබුවේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ විශ්ව පාරමී නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද බෝධිනන්ද මහතා පෙන්වා දෙන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලු වලට දැඩි හැනි සිදුවන බවත් මේ වනවිටද එවා හානායට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මගහරමින් තිබෙන බව ද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා / ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– repoter

47,627 Viewers

11 Comments to “රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්.. ඝර්භයට, පේසා වලලුවලට දැඩි හානි..”

  1. RSS says:

    Awasaanaya lan wela

  2. kawinda says:

    Where is the cultural minister.? Is he deaf and blind..?

  3. prabath says:

    Sure ekatama Sajiyage samagamak wennathi..

  4. අශෝක says:

    අඩුවෙලා තිබුනේ එච්චරයි . ඒකත් හරි එහෙනම් .(දළදා මාලිගාවට බෝම්බ , ශ්‍රී මහා බෝධිය වටේ රථ ගාල් .) අනිත්‍ය ද මේ මනෙහි කරවන්නේ . එහෙනං —- සාදු !

  5. sanka says:

    “විශ්ව පාරමී“ පදනම කියන්නේ බොහෝ සමාජ සත්කාර කරන සංවිධානයක්… පෞද්ගලික ආයතනයක මූල්‍ය පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක වන මේ සංවිධානය බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට මෙන්ම අළුතින් ඉදිකිරිම් වලටද නොමසුරුව කෝටි ගණනින් මුදල් ආධාර කරන සංවිධානයකි…
    මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වල සත්‍ය අසත්‍යතාව පැහැදිලි වන තුරු හදිසි නිගමන වලට නොඑළඹෙන ලෙස සැමගෙන් ඉල්ලා සිටිමි…..

    • Rashminda Mallikarachchi (malik) says:

      ව්ශ්ව පාරමී සංවිධානය බොහෝ විහාරස්ථාන ගොඩනංවා ඇත. මා දන්නා තරමට කිසිදා අවැඩක් කර නැත.
      මදක් ඉවසා කරුනු විමසා බලන්න.
      ඉන් පසුව නිගමනයකට එන්න.

  6. මා පසුගිය සතියේ රුවන්මැලි (රත්නමාලී) සෑ රදුන් වන්දනාවට ගිය විට එහි එක් පසෙකින් චයිත්‍ය රාජයාට සම්බන්දකොට ගොඩනග තිබුණු
    දැවැන්ත යකඩ ස්කාෆොල්ඩින් කන්දරාව දැක මවිතයට පත්වීමි. එය චයිත්‍යයට සම්බන්ද කොට තැනු දැවැන්ත මහල් ගොඩනැගිල්ලක් බඳුය.
    ච්යිත්ය රාජයා ඇලවීමකට ලක්වේදෝයි සැකයක්ද ඇතිවේ.
    මෙය මුවාවෙන් එහි ගර්භය කනිනවාදැයි සැකයක්ද ඇතිවන තරම්ය.
    එම සවස් යාමයේ 4 /5 ස් දෙනෙක් කොතෙහි වර්ණ අලේප කරමින් සිටුනු දුටු අතර චයිත්ට්‍ය මළුවෙහි පසෙක පිරිසක් සිමෙන්ති වැනි කොට්ට විසාල තොගයක් හසුරන හා වැඩට ගෙනයන ආකාරයක් පමණක් දක්නට තිබිණි.
    අනුරාධපුරයෙහි වැඩවසන ප්‍රධාන යතිවරයන් වහන්සේලා මේවා ගැන සොයාබලනව ඇති නේදැයි? හිත හදාගෙන වන්දනා කොට අප පිටත් වීමු.
    අපරට මේ පසුකරමින් තිබෙන්නේ කාලිංග මාඝ ම්ලේච්ඡ යුගයේ පුනරාගමනයකි. හෙළයේ ජාතික උරුමයන් වන ඇතුන් ගැබ්බර ඇතින්නියන්
    මහපොළොව සිපගනිමින් අවසන් ගමන් යන්නේ කිසිවෙකුටත් නිශ්චිත හේතුවක් හිතගේනීමටවත් නොහැකි අයුරිනි.
    වන අලින් රංචු වශයෙන් නිතර ගැවසෙන නිසා ඔවුන් සමීපයට යාම හෝ ගැබ්බර ඇතින්නියන් තනිකොට වස ආහාරයට දීම වන්නක් කිසිදා කල නොහැකිය.
    ගැබ්බර ඇතින්නියන් අදුනාගත හැක්කේද වනජීවින් පිලිබඳ මන දැනුමක් ඇත්තන්ටය.
    වරක් වනජීවී අද්යක්ෂකවරයකු වසයෙන් සිටි නන්දන අතපත්තු මහතා ගම්වදී සිටි දරුණු වන අලියෙකු අල්ලාගෙනීමට නිර්වින්දන එන්නතක් විදීමෙන් පසු පලාගිය අලියා ඔවුනට සොයා ගැනීමට නොහැකි වූ අතර දිනකිහිපයකට පසු අලියාගේ මළසිරුර ඔවුනට හමු විය.
    මරණයට හේතුව වුයේ පළමු ඖෂධයෙන් පසු පියවිසිහිය ගැනීමට විදිය යුතු ඖශධය අලියට විදීමට නොහැකි වීමයි.

    ” එම ඖශධය නොදුන් කල නිර්වින්දන වෙඩිපහරක් කෑ අලියකු අවාසනාවන්ත ලෙස මියයෑම සිදුවේ.

    අත්තපත්තු මහතාට ඒ වරද සම්බන්දයෙන් එදා නීතිය හමුවට යාමට පවා සිදු විය.

    එබැවින් , මෙම අතන් හා ඇතින්නියන්ගේ අවාසනාවන්ත මරණ ගැන මෙතෙක් හේතුවක් නොදක්වන්නේ බලදාරීන්
    මේ ගැන දැනුම ඇති සේවකයින් සම්බන්දකොට ගෙන සිදු කල අපරාදයක් බැවින්ද??????

  7. KUMARA says:

    කලකට පෙර පුරා විද්යා එකද සමිබන්ධ වී රුවන්වැලි සැයේ අකුණු සන්නායකය අලුත් වැඩියා කරන මුවාවෙන් ග ගලවා විකිනීමට උස්සහ කරන ලදි

  8. මමත් ඔය ටිකම දැක්කා රුවන්වැලි සෑය ලග. බැටලු වෙසින් එන වෘකයන් ගෙන් රුවන්වැලි මහ සෑය බේරා ගත යුතුයි.

  9. sanidu sooriarachchi says:

    අපේ පුජනීය විහාරස්තාන තියන විදියට තිබුනාවේ. ප්ර තිසංස්කරණ ඕනේ නැහැ.පොඩි පොඩි නඩත්තු කොහොමත් කරනවනේ. පල්ලේගම හේමරතන හිමි ඉතා යහපත් උනත් උන් වහන්සේගේ කාලයේ අනවශ්ය ඉදි කිරීම් බොහොමයක් සිදු කරලා රන්මැලිසෑයේ චාම් සුන්දරත්වය නැති කරලා තියෙන්නේ. මහා සෑයේ ආරක්ෂාව රටටම අයිති දෙයක්. කරුණාකර මේ චෝදනාවලට පිළිතුරු සපයන්න.

  10. PULATHISI says:

    රුවන්මැලි චෛත්‍ය අධිපති නාහිමියන් වහන්සේ මේ ගැන සොයාබලා බෞද්ධ ජනතාවට සත්‍ය පැහැදිලි කරන්නේ නම් ඉතා යෙහෙකි. ඒ සඳහා නාහිමියන් ප්‍රධාන වගකිව යුතු සැමගේ කාරුණික අවධානය යොමුවෙත්වා.

Main News