රුවන් එජාප නායකත්ව ගමන අරඹයි.. රුවන්මැලිය, දලදාව වැද අස්ගිරි-මල්වතු ආශිර්වාද ගනී.. රනිල් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

August 30, 2020 at 10:00 am | lanka C news
රුවන් එජාප නායකත්ව ගමන අරඹයි.. රුවන්මැලිය, දලදාව වැද අස්ගිරි-මල්වතු ආශිර්වාද ගනී.. රනිල් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සඳහා ඉදිරිපත් තමන්ගේ අදහසක් නොතිබූ නමුත් රට වටෙන්ම පාක්‍ෂිකයන්ගේ සහ මහා සංඝරත්නයේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

අනුරාධපුරයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී

විජේවර්ධන මහතා පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් රුවන්වැලි සෑය සහ දළදා මාළිගාව වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහ නා හිමියන්ද බැහැදැකීමට නියමිතව තිබේ.

මේ අතර වාර්තා වන්නේ ලබන 4 වෙනිදා වන විට පක්ෂයේ සියලු තනතුරු වලට අලුත් පුද්ගලයන් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවයි.

දැනට එම පක්ෂයේ නායකත්වය සඳහා දයා ගමගේ, රවි කරුණානායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන අතර තරගයක් ආරම්භ වී ඇත.

පක්ෂ නායකත්වය ලබාගැනීමට බලාපොරොත්තු තබා සිටි අකිල විරාජ් කාරියවසම් මහතා එම අදහස අතහැර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට මෙවර හිමිවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය බොහෝදුරට රනිල් වික්‍රමසිංහ මහතාගේ මහතා පත් වීමට ඉඩ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.

36,433 views

7 Comments to “රුවන් එජාප නායකත්ව ගමන අරඹයි.. රුවන්මැලිය, දලදාව වැද අස්ගිරි-මල්වතු ආශිර්වාද ගනී.. රනිල් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..”

  1. Shelton Ranasinghe says:

    UNP – (U)උන්ගේ (N)නෑදෑයින්ගේ (P)පක්ෂය

    අපි දැන් බලමු උන්ගේ නෑදෑයින්ගේ වැඩවසම් වහල්ලු කීයක් දැන් මේකා පස්සේ කම්බුරන්න සූදානම්ද කියලා….!

  2. Ranarala says:

    This is good. The UNP must get rid of both Ranil and Sajith. Sajith is out now, but his present colleagues will return to the UNP under a good leadership. Ranil is the one no one can get rid of. Ruwan W will be able to convince him to retire now.

    • Dilshan says:

      Agreed whatever party comes to power we need patriotic sinhala Buddhist leaders Ruwan will fill that gap. I voted Pohottuwa and Gota yet I like Ruwan
      He’s the best choice for UNP. Sajith has no brains nor culture and religion. Karu is a wester puppet

    • Kevin says:

      He won’t leave mate. Also no more unp even if it get a new leader.. unp is history now…

  3. Sambo says:

    Why does the prilates entertain all these politicians to the temples.

  4. Kevin says:

    පොන්සියා ලොවෙත් ඕක වෙන එකෙක්ට දෙන්නේ නෑ. නියෝජ්‍ය පට්ටම පොන්සි පැටියාට දේවී… රටක් කාලා පක්ශයක් කාපු රනිලා වගේ බූරුවෙක් ලොවෙත් නැතුව ඇති…

Main News