රුවන් විජයවර්ධන එජාප නායකත්වයට තව පියවරක් ලං වෙයි.. නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරේ..

January 25, 2019 at 12:00 pm | lanka C news
රුවන් විජයවර්ධන එජාප නායකත්වයට තව පියවරක් ලං වෙයි.. නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරේ..

රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කර ඇත.

ඊයේ දිනයේදී රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ඇත.

විජයවර්ධන මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීප ඥාතීත්වයක්ද වෙයි.

එහිදී ඇමති සාගල රත්නායක මහතා එජාප අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා ලෙස පත් කර ඇත.

309 views
Main News