රුසියානු තෙල් ගන්න නම් ‘රූබල’ ලංකාවේ පිලිගන්නා මුදල් ඒකකයක් කරන්නැයි කියයි…

June 28, 2022 at 11:20 am | lanka C news
රුසියානු තෙල් ගන්න නම් ‘රූබල’ ලංකාවේ පිලිගන්නා මුදල් ඒකකයක් කරන්නැයි කියයි…

රුසියාවෙන් ඉන්ධන ඇතුළු භාණ්ඩ ලබා ගන්නේ නම් ඩොලර්වලින් ගෙවීම් අවශ්‍යතාවයක් නැති බව ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතා සඳහන් කළේය.

ඒ සඳහා රුසියාවේ මුදල් ඒකකය වෙන රූබල් ලංකාවේ පිළිගන්නා විනිමය ඒකකයක් කිරීම ප්‍රමාණවත් බවද හෙතෙම පැවසීය.

රුසියාවට දැනට ගොස් සිටින මෙරට නියෝජිතයන් ඉන්ධන පමණක් නොව ආහාර තිරිඟු පිටි වැනි දෑ ලබාගැනීම වෙනුවෙන් ද සාකච්ඡා කළ යුතුව ඇතැයි ඔහු පවසයි.

ලෝකයේ ඩොලර් වලින් ගනුදෙනු කිරීම නැවැත්වීම වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නේ රුසියාව බවත් ඒ අනුව රූබල් ලංකාවේ පිළිගත් විනිමය ඒකකයක් බවට පත් කළ යුතුව ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

119,537 views

21 Comments to “රුසියානු තෙල් ගන්න නම් ‘රූබල’ ලංකාවේ පිලිගන්නා මුදල් ඒකකයක් කරන්නැයි කියයි…”

  1. Ms.commonsense says:

    Good suggestion please proceed 🤗

    • Global News says:

      ශ්‍රී ලංකාවට ඉක්මණින්ම මෙම ආර්ථික අඝාධයෙන් ගොඩ ඒමට ගත යුතු අද දවසේ හොඳම ක්‍රියාමාර්ගය වන්නේ රුසියානු මුදල් ඒකකය වන “රූබලය” ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය වශයෙන් භාවිතයට ගැනීම යැයි ආචාර්ය එස්. ප්‍රියන්ත මහතා අවධාරණය කරයි.

  2. Balana Rala says:

    Yes. Superb suggestion. This could have been done long before. Let us accept the Russian Ruble as an international currency and allows exchange facility.
    We need to strengthen our relationship with Russia and it’s people. It’s one of the better ways of coming out of the present crisis situation.
    Again, great suggestion. Please implement immediately. Don’t be afraid of US intervention. They will not help us financially. It’s a tactical and technical support that they are offering.

  3. labba says:

    වෛද්‍ය ජී වීරසිංහ got a donkey brain

    • Gamunu says:

      No, It is you who have donkey brain. Learn the geopolitics first. US will do anything to prevent this.

    • Walimuni Abeysekera says:

      Labba..

      Read the world news..

      YOU ARE THE REAL DONKEY,

  4. Jagath Silva says:

    K.p.SIlva

  5. Bayya says:

    බොහොම හොඳයි. ප්‍රමාදවී හෝ ගන්න පුළුවන් හොඳ තීරණයක්. චීනෙත් රූබල් වලින් ගණුදෙණු කරනවා. ලෝකෙ මේ වෙන විට ඉහලම ප්‍රවනතාවයක් ඇති මුදල් ඒකකය රූබල්. කිසිම දිනක කිසිම රටකට රූබල් දෙන්නම් කියලා ඉඩම් කෑල්ලක් වරායක් බිස්නස් එකක් ඉල්ලලා හෙට්ටු නොකරපු රටක් රුසියාව. අපි ගණුදෙණු කරන්න ඕනෙ එහෙම රටවල් එක්ක. මේ රටේ මැක්ඩොනල්ඩ්ස්, පිසාහට්, බර්ගර්, කේඑෆ්සී, කොකාකෝලා, ප්‍රධාන පරිගණක නාම, ස්මාර්ට්ෆෝන් නාම වගේ නිෂ්පාදන ගණනාවක් පාරිභෝගියන් ඉන්නවා. වසර ගණනාවක් ඒවයේ ශුද්ධ ලාබ කොටස ඇමෙරිකාවට යනවා. ලංකාව ඉතිහාසෙ දරුණුතම ඩොලර් හිඟයට පත් උන වෙලාවේ සොච්චම් උදව්වක් කරන්න ඊයෙ ඇමෙරිකාවෙන් ඒජන්තයො දෙන්නෙක් ඇවිල්ලා..ඉන්දියාව ණයට අපට වැඩි මිලට බොර තෙල් නොදී පෙට්‍රල් ඩීසල් දීලා දැන් ඒකට හෙට්ටු කරනවා ත්‍රිකුණාමලේ අයිතිය ඉල්ලලා. මේවට කියන්නෙ උදව් කියලද? ඉන්දියාව ඇමෙරිකාව ජපානය විශේෂයෙන් බොර දියේ මාළුබෑමක් කරන්නෙ. මෙව තේරුණත් කරන්න දෙයක් නැති තත්ත්වෙට රට උන්ට ණය කරගෙන ඉවරයි දැන්.

  6. Kamala 🤗 says:

    Very Good 👍

  7. විද්‍යාත්මකවremu says:

    සෝවියට් සමුහාණ්ඩුවෙන් 70 දශකයේ ලංකාව දුන් පැක්ටරි ටික මතක් කරගනිමු. නියම මිතුරා ය.

Main News