රුසියානු සංචාරකයන් එයි.. සෑම සතියකම ගෙන්වයි..

August 2, 2021 at 2:08 am | lanka C news
රුසියානු සංචාරකයන් එයි.. සෑම සතියකම ගෙන්වයි..

වසර 06 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ – මොස්කව් ගුවන් ගමන් යළි ආරම්භ කරයි. ඒ අනුව පසුගිය සිකුරාදා (30) රාත්‍රී 10.20 ට UL 533 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මොස්කව් බලා පිටත්ව ගියේය.

31 වන දින අලුයම 04.30 ට මොස්කව් DOMODEDOVO ගුවන් තොටුපළට ගොඩ බැස්සවු අතර මෙම ගුවන් යානයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග,  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු විශේෂ දූත පිරිසක් ද වූහ.

ඒ අනුව සෑම සතියක ම සිකුරාදා කොළඹින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මොස්කව් බලා ගමන් කිරීමට නියමිත අතර එම ගුවන් යානය මොස්කව් ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 08 ක් සහ විනාඩි 25 ක කාලයක් ගතවේ. පසුදින මොස්කව් සිට කටුනායක දක්වා මෙම ගුවන් යානය ආපසු පැමිණීමට නියමිතයි.

වසර 06 කට පසු කොළඹ සහ මොස්කව් අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තතෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා සවස චාම් සමාරම්භක වැඩසටහනක් පැවති අතර ඊට සහභාගී වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා රුසියාව අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹිම දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට ඉවහල් වනු ඇති බවයි. විශේෂයෙන් ම මෙරට සංචාරක ව්‍යාපාරය සදහා මෙය ඉතා හොද ආරම්භයක් බව ද ඇමතිවරයා කීවේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා රුසියාවේ රැදී සිටින කාලය තුළ එරට සංචාරක  හා ගුවන් සේවා ප්‍රධානීන් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

– ප්‍රදීප් අනුර කුමාර

20,855 views

9 Comments to “රුසියානු සංචාරකයන් එයි.. සෑම සතියකම ගෙන්වයි..”

  1. බන්ඩා says:

    රැසියානුවන් පමනක් නොව සෑම රටකින්ම සංචාරකයන් ගෙන්වා ගත යුතුය් නමුත් ලංකාවට වැඩියම මුදල් ගෙනෙන්නේ දියුනු රටවල ඩුවෙල් පාස් පෝට් තිබෙන ශ්‍රි ලාංකිකයන් බව ඇමති මතක තබා ගත යුතුය්.

    • අනුර ඩයස් says:

      සහතික ඇත්ත. හොදම උදාහරනය මම. මම සහ මගේ පවුල මාසයකට ලංකාවට ආවාහම අවම $ 10,000 ක් නොයෙකුත් දේ වලට වියදම් කරන්න වෙනවා. එනිසා ලංකිකයන් ගෙන්වා ගන්න වැඩ පිලි වෙලක් යොදන්න.

    • HAMINATION says:

      HAMINATION

  2. Wijebahu says:

    These buggers are blaming teachers but importing all sorts of corona variants from overseas .

  3. Saman says:

    තව අලුත් ප්‍රභෙද ලන්කවට ගෙනත්.ලන්කාවටම කෙල වෙලා යන්නම දෙයක් ඔබතුමන්ලට කරන්න ලබේවා.. මීට 69ලස්සෙ.. තියෙන ටිකත් ඉවරයි..

    • Amda says:

      නෑ ..උන්ට එන්න ලැබෙන්නෙ නෑ ..ඊට කලින් ඒක ජෙප්පො කරනවා.

  4. මිනුවන්ගොඩ පස්ටිපර් කප්පම් සුනිල් says:

    රටේ මුදල් කකා රට ත්වදුරටත් ආර්ථිකව අගාධයට ගෙන යන මේ වගේ ගොබ්බ හරක් පාර්ලිමේන්තු යවපු ගම්පහ මී හරක් ව කොරෝනා හැදිලා මක බැවිලා ම පල කියන එකම ප්‍රාර්ථනය යි රටේ ජනතාව හැටියට තියෙන්නේ.

  5. අමන badaa says:

    වඩා ඩොලර් නෑ කියනවා ඒ පාර තඩි මෝඩ බඩා ගිහිල්ලා රුසියාවේ බඩු ගහනවා ඇති …මේ හරක් සැප ගන්නවා ..උන් දන්නවා ආපහු ගම්පහ මෝඩ ජනතාවගෙන් නෑ කියලා ඡන්දය උන්ට ..හැමදාමත් මිනිස්සු මෝඩ වෙන්නෑ නෙ ඉතින් ….ලැබිච්ච චාන්ස් එක හොඳටම සැප ගන්නවා ..අර නාමල් කියන මෝඩ හරකත් ගිහිල්ලා තියෙන්නෙ ඔලිම්පික් බලන්න …ඌ ගන්නෙ උගේ ආතල් එක තව හැටක් විතර එක්කන් ගිහින් …ක්‍රීඩකයෝ 18යි…නාමල්ගේ අපතයෝ ටික විතරක් හැටයි …අනික වෙනම ගුවන්යානයක් බුක් කරගෙන ගිහින් …ක්‍රීඩා ඇමැති මොනා කරන්නද ගිහිල්ලා ඔලිම්පික් බලන්න ..මොකද දුවන උන්ගේ උගේ ඇට මිරිකන්න ද …එදා ඉදල කෙරුවෙ මේ හරක් ටික රටේ සල්ලි කකා ආතල් ගන්න එක ….

Main News