රුසියානු සංචාරක බුබුලක් ආවා.. ඔවුනට පහසු වෙන්න සෞඛ්‍ය නීති ලිහිල් කල යුතුයි..- උදයංග

August 10, 2021 at 8:40 am | lanka C news
රුසියානු සංචාරක බුබුලක් ආවා.. ඔවුනට පහසු වෙන්න සෞඛ්‍ය නීති ලිහිල් කල යුතුයි..- උදයංග

සංචාරක බුබුල සංකල්පය යටතේ රුසියානු සංචාරකයන් 44 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ සංචාරකයන්ට පීඩාකාරී නොවන ආකාරයට ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය නිර්දේශ පහසු කළ යුතු බවයි.

ඒ මහතා තම සමාජය තබා ඇති සටහන මෙසේය.

“ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බවත් සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදය පහසු විය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය.

රුසියානු සංචාරකයන්ගෙන් 70% වැඩි පිරිසක් ටිකට්පත් මිලදී ගන්නෙ අවසාන මොහොතේ බැවින් විසා ගැනීමට කාලයක්‌ නොමැති වීම නිසා අපෙන් සංචාරකයන් ගිලිහිලා යාම නතර කල නොහැක.

“රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට අනුව රුසියාවේ මොස්කව් නගරයේ සිට දෙවන ගුවන්යානාව අද උදේ 06.10 සංචාරකයන් 44 ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.”

42,751 views

33 Comments to “රුසියානු සංචාරක බුබුලක් ආවා.. ඔවුනට පහසු වෙන්න සෞඛ්‍ය නීති ලිහිල් කල යුතුයි..- උදයංග”

  1. සිරිමාන්න says:

    රුසියාවටත් කෙලවලා ලෙඩ හොඳ වෙච්ච දවසකට වත් කව්රුවත් එන්නෙ නැති තැනකට සොරි කරගමු

  2. Rohitha says:

    This is money laundering.

    • ගුරුළු says:

      මුළු ලෝකයම කොරෝනා වලින් මියයද්දී මේ වසලයින්ට අවශ්‍ය මුදල් උපයා ගැනීම ….පොහොට්ටුවේ ආශ්චර්ය බලව්…. අසව්

      • Janka says:

        My friend who is a registered tourist guide now got no job and there’s no way to support his family are you going to provide him food

  3. LalithM says:

    මිලියන 22 ක ජීවිත වලට වඩා අනාගත්ත රජපවුලේ ඥාතියගේ බිස්නස් එක වැදගත්. එහෙම නේද මේ කතාවේ තේරුම. අපිට වෙච්ච දෙයක්!!!

  4. Darshana abayakoon says:

    අනිවාර්යෙන්ම රුසියානුවන්ට ලිහිල් කරල ස්ටාලින් අතුලු ජවිපානුවන්ට නීති දැඩි කරන්න ඔනේ. උන් තමයි ඔය ලොකේ වටේ තියෙන ඔක්කොම ප්‍රබේධ ගෙනත් ලංකාව වටේට බො කරන්නෙ.

  5. Rupa says:

    Isnt there any person to take leagal action against this idiot.

  6. අක්බාර් ලොක්කා says:

    .
    මේ අවලමා ජරමර අස්සේ බර කරන්න දක්කන්න යනවා

  7. Nita de silve says:

    Muta pissuda?Mongalda miniho.mu mehe yatin spread karanawada koheda.u wenama athal ekak ganne.thuk witharak kalakanni

  8. GulSiri Lal Nanda says:

    This man living in different world ,may be in heaven,do not know that ground reality of island objective conditions by himself. Majority people of country are struggle for living against death-bed of their survival.
    He wanted more libilization of visa conditions for an open for Tourism .
    Uneducated citizens who are working on Reckless of Island back by some sort family banadaism.

  9. SPG says:

    මෙච්චර ව්‍යසනයක් ඇති රටේ රුසියානුවො 44 දෙනෙක් වෙනුවෙන් පෙනී සිටින මෙවන් අපතයින් ගැන කනගාටු වනවා හැර වෙන කුමක් කරන්නද?

  10. Dengu Nona says:

    Me kaalakanni Pimpiyaata neethiya balapaane nadda? Mun thamayi me wasangathe pathurawanne!!

Main News