රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම නවතී.. රුසියානු තෙල් තෙවන පාර්ශවයකින් මිලට ගනී..

August 15, 2022 at 9:20 am | lanka C news
රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම නවතී.. රුසියානු තෙල් තෙවන පාර්ශවයකින් මිලට ගනී..

මෙරට සංචාරයක නිරත වූ රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට එළඹීම පසුගිය සතියේ ප්‍රතික්ෂේප කිරීමත් සමග රුසියාවෙන් සෘජුවම වට්ටම් සහිතව ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගොස් ඇතැයි රාජ තාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගියදා මෙරටට පැමිණි රුසියානු සමාගම් නියෝජිතයන් දෙදෙනාට හිතකර කොන්දේසි මත මෙම ඛනිජ තෙල් ප්‍රසම්පාදන ගනුදෙනුවලට එළැඹීම ගැන ඒත්තු ගැන්වීමට බලශක්ති අමාත්‍යාංශය ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති නමුත් එම ප්‍රයත්නයන් අසාර්ථක වී ඇතිබව පැවසේ.

ශ්‍රී ලංකාව සිය විදේශ ණය පැහැර හැරීම ප්‍රකාශ කිරීම හේතුවෙන් දිගු කාලීන ණය මත තෙල් සැපයීමට නොහැකි වීම මෙන්ම දේශීය බැංකුවල මූල්‍ය ගනුදෙනු ගැටලු පිළිබඳවද මෙම රුසියානු සමාගම් දෙක ශ්‍රී ලංකාවට පෙන්වාදී ඇත. ඉන්ධන වෙනුවෙන් රුසියාවෙන් සෘජුව සහාය ලබාගැනීමට නොහැකිවීමට තවත් හේතුවක් වන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන් මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි (LoC) විවෘත කිරීම විදේශීය බැංකු මගින් ප්‍රතික්ෂේප කිරීම බව ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව රුසියාවෙන් තෙල් ලබාගන්නා තුන්වන පාර්ශ්ව සමඟ ඇණවුම් කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති ව තිබේ.

බොරතෙල් හිඟයට මුහුණ දීමට ඇති එකම මාර්ගය ඩුබායිහි තෙවැනි පාර්ශ්වීය සමාගමකින් රුසියානු බොරතෙල් සහ වෙනත් ඉන්ධන ආනයනය බවට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ ඒ අනුවය. මේ වන විට එමරටට රුසියානු ඉන්ධන සපයන්නා වන ඩුබායිහි පිහිටි සමාගමක් වෙතින් බොරතෙල් ආනයනයට සංස්ථාව පියවර ගෙන ඇත. කෙසේවෙතත් එලෙස ඇණවුම් කරන ලද ඉන්ධන තොග සඳහා ශ්‍රී ලංකාව මුදල් ගෙවන්නේ කෙසේද යන්න රජය මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නැත.

– අරුණ

112,690 views

19 Comments to “රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම නවතී.. රුසියානු තෙල් තෙවන පාර්ශවයකින් මිලට ගනී..”

  1. Sasrasi says:

    අපේ කෙකෙක් ගේ සමාගමක් ද

  2. ඡන පිඩකයන් සමස්ථය නියතලෙසම ළු්කානතලෙසම පළවා හහරිනාබව අවධාරණය කරනු ළබයි,.! says:

    රැසියානු ලංකා දීගුකාළීන බොරතෙල් ගිවිසුමට පිටුපා, රාඡතාන්ත්‍රීක වරප්‍රසාද මහඡනයාට ලබා නොදී, බටහිර වහළා ලෙස රනිල් වික්‍රම ක්‍රීයාත්මක වී ඇත්නම්,. මානසික රෝගී බටහිර වහළුන් සේ රැසියානු බොරතෙල් මගහරිනු ලැබුවානම් තෙල් අර්භූධය ඉතාම කෙටිකාළයකින් රට වෙළාගනිමින් දැවැන්ත අර්භූධයක් නිර්මාණයකරමින් සමස්ථය සහසුද්ධලෙසම සමතළාකරනා,. සමස්තයේ ළුකමුතුව තුළින් පැනනැගෙනා,. ඵ්කාන්තලෙස ඉළක්කයන් ඡයගන්නා,. ඡයග්‍රාහී සැප්තැම්බර් විප්ළවය පැමිණීමට නියමිතයි,.!

    මානසික රෝගී වහල් මානසික, නායකත්වයට නොසුදුසු බවට සහතික වීමට නියමිත රනිල් වික්‍රම පන්නා දැමීමට, රට සූරාකන බොරතෙල් මාපියාවෙන් මහඡනයා තළාපෙළා දමනා සාටකබල්ලන් ඵ්කාන්තලෙස සිරගතකිරීම දක්වා වන කෂණික සහ දැවැන්ත සංග්‍රාමයක් වන බවට දැවැන්ත සංවිධාන ශක්තිය අවධාරණය කර සිටිනු ළබයි,.!
    සැප්තැම්බර් විප්ළවය පසුතළයේ සුදානම්,.!
    බොරළුගොඩ සාටක බල්ලන්ට පකෂපාතීව ස්ථානගතවී,. සාටක බල්ලන් නැවත බළය ඩැහැගැනීමට කුරැමානම අල්ලන්නු සාටකයන්ගේ සූකෂම සහයොගයද සමඟින් බව රනිල් වික්‍රමගේ දැඩි අවධානයට,.!
    සැප්තැම්බර් විප්ළවය ඡවය බළය සමඟින් සක්‍රීයව පවතින අතර,. රනිල් වික්‍රම බොරතෙල් උගුලේ සිරකර පන්නාදැමීමට පසුතළයේ සාටක බල්ලන්ද ක්‍රීයාත්මක බව රනිල් වික්‍රමගේ අවධානය නැවත නැවතත් ,වේළාසන යොමු කරනා අතර,. වහාම සුදුසුම පියවර ගනිමින් රැසියානු ලංකා ද්වීපාරශවීය ගිවිසුම් සම්පූර්නකර දිගුකාළීන සහ සාටක බල්ලන් ඇතුළු වෙනත් දූශතයන්ට මහඡනයා සුරා කැමට ඉඩ නොතබා කිසිවකුට මහඡන මුදළන් කොමිස් නොගෙවා ස්ථාවරලෙස සහ අඛන්ඪලෙස බොරතෙල් සැපයුම යාවත්කාළීන කිරීම සඳහා වහාම ක්‍රීයාත්මක වී දුර්ළභ රාඡතාන්ත්‍රික වරප්‍රසාදයන් මහඡනතාවට ළබාදෙනලෙස මාත්‍රෘෘභූමියේ ඡයග්‍රහණයන් පමණක්ම අරමුණු කරගන්නා,. උපක්‍රමිකලෙස සථානගතවී සක්‍රීයව නීරීකෂණය කරමින් සිටිනා,. දැවැන්ත සංවිධාන ශක්තිය දැඩිලෙස අනතුරැ අඟවා අවධාරණය කර සිටින වගයි,.!
    වංචනික ලෙස සහ කුහක ලෙසත්, යටහත් වහල් මානසික රෝගී ලෙස මුග්ධ ලෙස කළ් නොමරා විධායකය වහාම ක්‍රීයාත්මක වී ඡනසමාඡය දැවෙනා ගැටළුව විසඳීමට ඇත්තේ ඉතාම කෙටි කකාළයක්ම බවත් ගියනුවන ඇතන්ලවා වත් නැවත ඇදදවීමට දුශ්ඨ පාළකයන්ට ඉඩනොතබන බවත්, ඡන ඡීවිත දේශපළන සුදුවේ කොටසක් කරගනිමින් දුප්පත්කම දරිද්‍රතාවය පවත්වාගෙන යන ඡන පිඩකයන් සමස්ථය නියතලෙසම ළු්කානතලෙසම පළවා හහරිනාබව නැවත නැවතත් අනතුරැ අගවා අවධාරණය කරනු ළබයි,.!

  3. රුසියා says:

    දැන් ගෙන්වන විදිය රටට ගොඩක් හිතකර ඇති. දැන් ගෙන්වන 3 පාටියේ එවුන්ට බලදාරීන් එත්තු ගන්නලා ඇත්තේ.

  4. APerera says:

    03rd party එකක් හරහා ගන්න එක අපේ දේශපාලුවන්ට හොඳයි. කොමිස් කුට්ටිය ෂුවර්නෙ. Direct ගත්තොත් කොමිස් ගහන්න බැහැ. එ්ක හරියට මිග් යානා ගනුදෙනුව වගේ. රුසියාවට direct ගෙවලා නෙමෙයි. 03rd party එකක් හරහානෙ ගත්තෙ.

    ගසා කෑම් කවදා ඉවර වෙයිද දෙවියනේ….

Main News