රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…

November 29, 2021 at 8:02 am | lanka C news
රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…

ජාත්‍යන්තර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිදෙන “ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය” අග්‍රාමාත්‍ය උපදේශක සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට මොස්කව් නුවර දී පසුගිය (25) දා ප්‍රදානය කර ඇත.

ශ්‍රී ලාංකිකයකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර මෙයට පෙර ස්ලෝවේනියාව, ඉන්දියාව, ප්‍රංශය, බල්ගේරියාව රටවලින් තෝරාගත් පුරවැසියන් සඳහා මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සම්මේලනයේ පාර්ලිමේන්තු සහ මහජන සංගම් විෂය සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා විසින් වෛද්‍ය සමන් වීරසිංහ මහතාට මෙම සුවිශේෂී සම්මාන පදක්කම පළඳවන ලදි.

විදේශීය රාජ්‍ය සමග ද්වීපාර්ශික සම්බන්ධතා වර්ධනය කරමින් රාජ්‍ය අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට එරට විදේශ අමාත්‍යංශය හා ක්‍රියාකාරීව සම්බන්ධවන රුසියානු පුරවැසියන් හා විදේශීය පුරවැසියන් වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව මෙම සුවිශේෂී සම්මානය ප්‍රදානය කරයි.

“රුසියානු සමූහාන්ඩුවේ වීරයා” සම්මානයෙන් පිදුම් ලද අභ්‍යාවකාශගාමී වැලේරී තකාරෙව් මහතා ද වෛද්‍ය සමන් වීරසිංහ මහතා සමඟ මෙම සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සඳහා වෛද්‍ය සමන් වීරසිංහ මහතා වසර ගණනාවක් තිස්සේ ඉටු කළ සුවිශේෂ කාර්යභාරය ඇගයීම ද මෙම සම්මාන ප්‍රදානයට සමඟාමීව සිදුවිය.

වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015-2018) රුසියානු-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා ඉහළ දැමීමට වටිනා මෙහෙවරක් ඉටු කළ අතර අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට අමතරව, ශ්‍රී ලංකා – රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ද කැලණිය රජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස ද දෑ හිත කාමී මෙහෙවරක නිරත වී සිටියි.

මොස්කව් නුවර රුසියානු සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා අබේවික්‍රම මහත්මිය සහ රුසියානු විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් එක්ව සිටියහ.

– media unit

32,817 views

5 Comments to “රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…”

  1. saman says:

    සුබපැතුම් ඔබතුමාට…

  2. පිළිගනීද says:

    රුසියාවේ සම්මාන කලු සුද්දෝ පිළිගන්නේ නැත.

  3. Kalu Albot says:

    Mama hithuwaa Yohaanita kiyalaa!

  4. Love nature says:

    පුටින් ජනාදිපති තුමාට අපේ ප්‍රණාමය.

    ලෝකයේ විශාල ම රට වන රුසියාවේ ප්‍රධාන ආගම වන්නේ ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය යි. ඊට අමතර ව වෙනත් ආගම් අදහන්නෝ ද රුසියාවේ ජීවත් වනවා. ඒ වගේ ම ආගම් අදහන්නේ නැති විශාල පිරිසක් ද එරටේ සිටිනවා.

    රුසියාවේ බෞද්ධ ජනගහනය සමස්ථ ජනගහනයෙන් සියයට එකකට මඳක් අඩු බව යි සැලකෙන්නේ. 2012 වන විට රුසියාවේ 700,000ක් පමණ බෞද්ධයින් සිටි බව යි සඳහන් වුණේ. එවකට එය ජනගහනයෙන් සියයට 0.9ක් පමණ වුණා. වර්තමානයේ දී බෞද්ධයන් මිලියනයක් පමණ රුසියාවේ සිටින බව යි කියැවෙන්නේ.

    එරට බෞද්ධයින් සැලකිය යුතු පිරිසක් වාසය කරන ප්‍රදේශ හතරක් වන අතර, ඊට අමතර ව ඇතැම් නගරවල ද සැලකිය යුතු බෞද්ධ ජනතාවක් වාසය කරනවා.

  5. Love nature says:

    රුසියාවේ බෞද්ධ ආරාම ගණනාවක් තිබෙන අතර, ඉන් ලෝක ප්‍රසිද්ධ බෞද්ධ ආරාම අතර ඉවොල්ගාන්ස්කි ඩට්සාන්, ශාක්‍යමුණි ස්වර්ණ විහාරස්ථානය​, ඩට්සාන් ගුන්සිචොයිනෙයි ආදිය ප්‍රකට යි.

    ඉවොල්ගාන්ස්කි ඩට්සාන් යනු රුසියාවේ බුද්ධාගමෙහි කේන්ද්‍රස්ථානයක් වනවා. එය එහි ප්‍රධානම බෞද්ධ සරසවියක් ලෙසත් ක්‍රියාත්මක වනවා. බුර් යාටියාවේ අගනුවර උලාන් උඩේ සිට කි. මී. 38ක් පමණ දුරින් පිහිටි මෙහි විශේෂත්වය නම් ආගමික ඇදහීම් සඳහා සීමා පනවා තිබූ ජෝසප් ස්ටාලින් පාලන සමයේ දී සෝවියට් බලධාරීන්ගේ අවසරය ඇති ව එය ඉදිකිරීම යි. 1945 දී මෙම විහාරය ඉදිකෙරුණ අතර ඒ වනවිට, එවකට සෝවියට් දේශයේ බොහෝ විහාරස්ථාන වසා දමනු ලැබ තිබුණා. ඒවා යළි විවෘත කෙරුණේ සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ව යි.

Main News