රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්.. අඩු මිල තෙල් ගැනීම වැලැක්වීමටයි.. පසුපස නාමල්…

June 24, 2022 at 10:22 pm | lanka C news
රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්.. අඩු මිල තෙල් ගැනීම වැලැක්වීමටයි.. පසුපස නාමල්…

කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම නිශ්චිතවම දේශපාලන කුමන්ත්‍රණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ ගුවන්තොටුපල භාර අමාත්‍යවරයා කවුරුවත් තවදුරටත් එය පාලනය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා ගේ යටතේ කටයුතු කරන පිරිසක් විසින් බවයි.

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡාවක් සිදුවෙමින් තිබියදී මෙම කුමන්ත්‍රණ සිදුවීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

63,749 views

24 Comments to “රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්.. අඩු මිල තෙල් ගැනීම වැලැක්වීමටයි.. පසුපස නාමල්…”

  1. සෙරෙප්පු සුප්. says:

    ගුවන් සේවා අමාත්‍යාංශෙ ලොකු පොරක් මාත් අඳුරනව​.හැබැයි මේ වැඩේට මාව නම් ගාව ගන්න එපා පුබුදු හරිද​?

  2. Padmini says:

    Heee Haaaa Heee Haaaa Heee Haaa

    • Athe Cought says:

      රුසියාවට එරෙහි අයර්ලන්ත එංගලන්ත කුමණ්ත්‍රණයට ජවිපෙ සහ පෙරටුගාමී කලුකෝට් කාරයන් හවුල් කියලා එලි වුනා. ඒකට බය වෙලා සත්‍යය ව්‍යාකූල කරන්න හදනවා මොහු.

  3. Dayan says:

    මිනිසුන් ගේ මුදල් හොර කාපු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ට ලේ බඩ පළ

  4. නීති සංගමේ අත්පොලසන් says:

    නාමල්ගේ එංගලන්ත නීති උපාධිය ගන්න උදව් කරපු ෆයිසර් මුස්තාෆා එක්ක සහායෙන් රුසියන් ගුවන් යානා ගමන වැලකුනාද? එංගලන්ත නීති උපාධි බලවතුන්ගේ දරුවන්ට ලබා දෙන්නෙ රට එංගලන්තයේ කොළනියක් කරන්නද?

  5. Nish says:

    ඇමරිකාව බේරගන්න ඒකත් නාමල්ගේ ඇගේ ගහන සමාජවාදියෝ. නාමල්ට පුලුවන්ද බන් අධිකරන තීන්දු වලට මැදිහත් වෙන්න. ඒවා කරන්න පුලුවන් පිටරට තානාපති කාර්යාල වලට.

  6. kaira says:

    ජෙප්පෝයි පෙරැට්ටොයි කියන්නේ නම් රටට මහා පිළිලයක්

  7. විසේ වීර says:

    පෙරෙට්ටන් ගෙ මොලේ තරම තමයි මේ. අඩු IQ කල්ලි.

Main News