රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්.. අඩු මිල තෙල් ගැනීම වැලැක්වීමටයි.. පසුපස නාමල්…

June 24, 2022 at 10:22 pm | lanka C news
රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්.. අඩු මිල තෙල් ගැනීම වැලැක්වීමටයි.. පසුපස නාමල්…

කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම නිශ්චිතවම දේශපාලන කුමන්ත්‍රණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ ගුවන්තොටුපල භාර අමාත්‍යවරයා කවුරුවත් තවදුරටත් එය පාලනය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා ගේ යටතේ කටයුතු කරන පිරිසක් විසින් බවයි.

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡාවක් සිදුවෙමින් තිබියදී මෙම කුමන්ත්‍රණ සිදුවීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

64,185 views

24 Comments to “රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්.. අඩු මිල තෙල් ගැනීම වැලැක්වීමටයි.. පසුපස නාමල්…”

  1. RAW says:

    මූ මේක එංගලන්තයේ කුමණ්ත්‍රණයක් කියන එක වහන්නයි හදන්නේ. රාජපක්ෂලාව ඇතුලුව පෙරටුවන්, ජවිපෙ මේ සියල්ල බටහිර අතකොළු.
    මුන් සියල්ල රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට විරුද්ධයි.

    • Narrator says:

      තැරි කොමියුනිස්ට් සමාජවාදි ජාතිකවාදී කුමන්ත්‍රණ බයියෙක්..
      ගෙදර ගෑණි ගැනත් සැක කරන්නෙ කුමන්ත්‍රණ බයියො තමා

    • Amda says:

      Heard this before.. Could be true.. But now have doubts cz accusation comes from “peratto”

    • Dayan says:

      නොදකින් බත් කන් නැතිව රාජපක්ෂ ගු කාපිය.

    • කැපුවත් පොහොට්ටුවට says:

      මේව සම්පූර්න බොරු. නාමල් ජනපතිවීම වැලක්වීමට බටහිරින් ඩොලර් පොම්ප කරනව. පෙරටුගාමි කියන්නෙ උන්ගෙන් ඩොලර් ගන්න එක කොටසක්.

      • සවාධීන says:

        මොන රටේද යකෝ ඌ ජනපති වෙන්නේ?

  2. නිහාල් අයියා says:

    වෙන්න පුළුවන් .හැබැයි කෝ පෙරටු ගානියෝ රුසියාවට සහයට උද්ඝෝෂනය කරනවා උබල ත ඇමරිකානු ගැති කොමියුනිස්ට් කාරයො නේ බොල

    • julie says:

      ඇමරිකානු ගැති කොමියුනිස්ට්? අමු කැවිලද? ඇමෙරිකාව දනෙත් නෑ. කොමියුනිස්ට් දන්නෙත් නෑ.. ඉස්සෙල්ලා කොමියුනිස්ට් ඉතිහාසෙ ඉගෙනගෙන වරෙන්..

  3. Bandara says:

    වත්මන් තෙල් ගනුදෙනු පිටුපස රාජපක්ෂ වරු ඉන්නවා කියල පුවතක් දින 2 කට කලින් තිබුන. ඒ අනුව මේක සත්‍ය වියහැක

  4. Narrator says:

    රුසියාව ගැන කොමියුනිස්ට් සමාජවාදි පෙරටුගාමීන්ගෙ මතයයි බයියන්ගෙ මතයයි එකක් වෙන්නෙ ඇයි?
    බයියො කොමියුනිස්ට් සමාජවාදි බවට හොදම උදාහරණයක් මේක..

    හිත යටින් ජෙප්පොන්ට පෙරට්ටොන්ට බැන්නට, උන් පොහොට්ටුවට එකතු උනා නම් පාවඩ දාලා පිලිගන්නෙ..
    රටේ බහුතර තැරි කොමියුනිස්ට් සමාජවාදි ජාතිකවාදී බයියන්ට මෙහෙම වෙලා මදි..

    කැට තියලා කියන්නෙ…
    කන්න නැතුව මැරුණත් උන්ගෙ කොමියුනිස්ට් සමාජවාදි ජාතිකවාදී වහල් මත නම් අයින් වෙන්නෙ නෑ

  5. BrahMos says:

    මුන් ඉන්දියන් සාම සාධක හමුදාවට බෝම්බ ගහපු උන්.
    මුන් චීනයට, ඉන්දියාවට සහ රුසියාවට විරුද්ධ උන්. දැන් ජනතාව ඒ පැත්තට ඇති නැඹුරුව දැකලා සිග්නල් දානවා ඒ පැත්තට.

  6. සාධාරණ සමාජයක් උදෙසා! says:

    මුන් ඔක්කොම කොමිස් කාක්කෝ නේ.

  7. Power says:

    සමහර විට ඔහෙලා කියන දේ ඇත්ත වෙන්න ඇති. මොකද මේ රටේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව වෙන දේවල් සහ නටන නාඩගම් වල හැටියට රටේ ජනතාව වෙච්ච අපිටත් එහෙම හිතෙනවා. නමුත් ඔහෙලා කියන දේවල් බහුතරයක් පිළි ගන්නෙ නැහැ. ඒකයි අවුල..

  8. Balana Rala says:

    Ops. Here we go again..what a pathetic situation. These Peratugamee goons are trying their very best to create unease in the country. Because they think that this is the best time for them to infiltrate through the minds of disturbed community to grab them some kind of a power.
    JVP , SJB and Peratugamee are on the same page and trying hard to create unease in the society. How can Namal Rajapaksha stop an Aeroflot flight from flying? It was a court order that has been wrongly interpreted by certain individuals who might have had a hidden political agenda probably belongs to JVP… Peratugamee

  9. පව් අපි says:

    මහ පරිමාණ වී මෝල් හිමියන් ට හා විදුලි බල මන්ඩලයේ නිලධාරීන් ට බය ආන්ඩුව ක්

  10. Pro Rus says:

    මූත් දැන් රුසියාව පැත්තට කතා කරන්න පටන් අරගෙන.. මොකද දැන් බහුතරයක් ජනතාව රුසියාව සමග නිසා.
    මුන් දැන් වැල යන පැත්තට මැස්ස ගහන න්‍යායට මාරු වෙලා.

Main News