රුහුණු සරසවියෙන් කොරෝනා..

December 6, 2020 at 6:28 am | lanka C news
රුහුණු සරසවියෙන් කොරෝනා..

රුහුණු සරසවියේ හපුගල පිහිටා ඇති ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම ඉංජිනේරු පීඨය වසා දමා තිබූ අතර පසුගිය සතියේ දී අවසන් වසර වල දෙකේ සිසුන් සදහා අධ්‍යන කටයුතු සඳහා යළි ආරම්භ කර තිබිනි.

කෙසේ නමුත් කිසිදු ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට යාම හෝ පිටස්තරයන්ට එහි ඇතුළුවීමට තහනම් කර තිබිණි.

ආසාදිත සිසුවියන් දෙදෙනා මතුගම සහ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබේ.

11,364 views

3 Comments to “රුහුණු සරසවියෙන් කොරෝනා..”

  1. පූ u කේ ඉරාජ මොරටුව says:

    ඔය කැම්පස් වල ඉන්න හැම එකාටම රිවරස් පෙති පහ ගානේ දෙන්න ඕන ධනපාල පැනිය එක්ක. අනිවාර්යෙන් හිටගෙන ම කොරෝනා සනීපයි.

  2. නාරද says:

    Pfizer එන්නත ගැන අපේ දොස්තරවරු අචාර්ය මහාචාර්ය වරු දෙන ටෝක හරියට ඒ අය එතන විශ්වාසයෙන් සෙට් වෙලා හිටියා වාගේ, දන්නා පැණියට ටෙස්ට් කිරිමටත් වලි කුහකකම

  3. රුහුනේ ඉංජිනේරු පීඨයේ දරුවෝ විතරක් නොමේ රුහුනේ වෛද්‍ය පීඨයේ දරුවෝ දෙන්නෙකුත් කොරෝනා ආසාදිත වුනු බව medias මගින් ප්‍රකාශ කරලා තිබුනා. හොස්ටල් එකේ සියලුම දරුවන් මේ වෙනකොට නිරෝදායනයට ලක් කරලා. රුහුනු විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුලු ආචාර්‍ය මන්ඩලයට අපි ස්තූතිවන්ත වෙනවා දරුවන් රැක බලා ගන්නවට.

Main News