රූපවාහිනිය පවරාගෙන ජනාධිපති ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයකට සැරසෙනවා.. – ඇමති රුවන් නීති මගට

September 12, 2019 at 10:40 am | lanka C news
රූපවාහිනිය පවරාගෙන ජනාධිපති ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයකට සැරසෙනවා.. – ඇමති රුවන් නීති මගට

තමන් යටතේ පැවති රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට පත් කිරීම මගින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට සූදානම් වීමක් ඇතැයි සැක මතුවන බව ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පවසයි.

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තෝරාගැනීමේදී ජනාධිපතිවරයා විසින් විෂය භාර ඇමතිවරයා ලෙස තමන් දැනුවත් කිරීමක්වත් සිදු නොකළ බවද ඔහු සඳහන් කරයි.

මෙම පවරා ගැනීම තමන්ද දැන ගත්තේ බේ‍්‍රකින් නිවුස්වලින් බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙම පවරා ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය ඇති බව ද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

මේ අතර එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ මෙම කටයුත්තට විරුද්ව ඇමති රුවන් විජේවර්ධන නීතිමය කටයුතු කිරීමට සූදානමක් ඇති බවයි.

17,444 Viewers

2 Comments to “රූපවාහිනිය පවරාගෙන ජනාධිපති ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයකට සැරසෙනවා.. – ඇමති රුවන් නීති මගට”

  1. ක්‍රිමිනල් says:

    ජනාධිපති වරයාට 19 වන වියවස්ථා සංශෝධනයට අනුව තමන්ට ඔන-ඔන විදියට අමාත්‍යාංශ පවරා ගත නොහැක .”19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය. “.

    • Love nature says:

      මහජනතාව අපහසු තත්වයකට පත් වෙනවානම් ජනාදිපතිට බලය ඇත

Main News