රූපවාහිනි වෘත්තීය සමිති ප්‍රධානීන්ගේ වැඩ තහනම්… සේවක විරෝධතා..
February 22, 2019 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථා වෘත්තීය සමිති ප්‍රධානීන් කිඑිප දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.
විධායක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චන්දන සෙනෙවිරත්න, ප්රගතිශීලී වෘත්තීය සමිතියේ සංවිධායක ශාලික පෙරේරා, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙක් වන සුමෙිධ අතුල සිරි යන මහත්වරුන්ගේ සේවය මෙසේ අත්හිටුවා තිබේ.
තවත් වෘත්තීය සමිති නිලධාරීන් රැසක් අද හෝ හෙට දිනයේ සේවයෙන් පහ කිරීමට නියමිත යයි වෘත්තීය සමිති කියති.
සංස්ථා පරිපාලනයට වීරෝධය පල කරමින් සේවකයෝ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කර ඇත.