රූපවාහිනි සංස්ථාව බංකොලොත්.. සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ..

June 7, 2017 at 3:50 pm | lanka C news
රූපවාහිනි සංස්ථාව බංකොලොත්.. සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ..

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරන සේවකයින්ගේ මාස දෙකක පමණ වැටුප් මේ වන තෙක් ගෙවා නැති බව වාර්තා වෙයි.

මාස ගණනාවක් තිස්සේම සංස්ථාව සේවකයන්ට පඩි ගෙවාගත නොහැකි තත්වයට පත්ව සිටින බවද සදහන් කරන සේවක පිරිස් මේ හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බවද සදහන් කරති.

වත්මන් පරිපාලනය යටතේ ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති අතර සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමටද නොහැකි තරමේ තත්වයට ඇද වැටී ඇත. මසක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 60ක පමණ මුදලක් අවශ්‍ය වෙයි.

මේ තත්වය යටතේදී මිහින්තලයේ පැවැත්වෙන උත්සවයක් සදහා රූපවාහිනී සංස්ථාව විසින් අති විශාල මුදලක් ලබා දීම ගැන සේවකයෝ මවිතය පල කරති. එමෙන්ම මාර්ග ආරක්ෂක හා පරිසර ව්‍යාපෘති වෙනුවෙන් මිලියන ගණන් නාස්ති කරන්නේ යයිද චෝදනා එල්ල වෙයි.

70 views

11 Comments to “රූපවාහිනි සංස්ථාව බංකොලොත්.. සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ..”

  1. LION says:

    ජනාදිපති අගමැති ඉල්ලා අස්විය යුතුය

    • Dharshana says:

      අර කොටි ගනන් චන්ද ඇඩ් දාල සල්ලි ගෙවන් නැතුව පොලුතියපු එවුන්ට, ක්‍රිකට් මැච් ටික පුතාගේ චැනල් වලට දීලා පාඩු කරපු එවුන්ට හෙන ගහන්න ඔනේ ඉතින් මේ වෙච්ච පාඩු වලට.

      • kolitha says:

        පට්ටපල් බොරු කියල බලය අරගත්තු ,,,රට බංකොලොත් කරගෙන යන උන් සහ තවම උන්ට තවමත් උඩගෙඩි දෙන හාල් පරුවන්ට හෙනම තමා ගහන්න ඕ නෙ

    • Tongaa says:

      රූපවාහිනී සංස්ථාව ජනතාවට බාරදිය යුතුයි
      එය එසේ නොවීම නිසා
      ජනතාවට අසාධාරණයක් වී තිබේ
      කවුරුන් හෝ මෙය ඉටුකර දිය යුතුයි.

  2. SUNIMAL says:

    රනිල් ලොක්කා ගෙදර යන්න ඕන.. ගෙදර යෑම කෙසේ වෙතත්, අඩුගානේ අගමැති කමෙන්වත් ඉල්ලා අස් වෙන්න ඕන.

  3. love nature says:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව …

  4. lalith says:

    ඉදිරියේදි රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බැරි තත්වයකට ගව ආන්ඩුවට මුහුන දෙන්න වෙනවා

  5. කවුද අනික රූපවාහිනිය බලන්නේ

  6. ජසයා says:

    ඒකටත් වරද මහින්දගේ ද?

  7. බන්ඩය්යා says:

    වැඩි කල් යන්න ඉස්සෙල්ලා රෑපවාහිණී සංස්තාව විකුනන්න කැබිනට් පේපර් ලැහැස්තිය්. පඩි ගෙවන්නෙ නැත්තෙ වැඩේ පහසු වෙන්නය්. බැඳුම්කර හොරැ තමය් ගැනුම් කරුවො.

  8. Namal says:

    රූපවාහිනිය බංකොලොත් වෙන්න හේතු තමයි, දේශ ද්‍රොහි NGO කාරයෝ උදේ සහ සවස කෑමොරදීම, දේශපාලන වැඩසටහන්වල NGO ප්‍රශ්න ඇසීම- එම ප්‍රශ්නවලට තවත් NGO කාරයෙක් පිලිතුරුදීම, “යථා රූප” වැනි NGO කාරයන්ගේ වැඩසටහන් ලාංකිය සංස්කෘතියට පහර දීම, එම වැඩසටහන සහ නාලිකාව විකුර්තික සමලිංගික සේවන සමාජ ගත කිරිම වැනිදා නිසා ප්‍රේක්ශකයා රූපවාහිනිය නාලිකාව නැරබීම අතහැර දැමීය.

Main News