රූපවාහිනී රියැලිටි ගුරා ඕස්ට්‍රේලියා දොස්තර සමග එක්වී ළමා අපචාර වල යෙදිලා.. අල්ලන්නැයි තානාපති කාර්යාලයට දන්වයි..

August 2, 2020 at 3:50 pm | lanka C news
රූපවාහිනී රියැලිටි ගුරා ඕස්ට්‍රේලියා දොස්තර සමග එක්වී ළමා අපචාර වල යෙදිලා.. අල්ලන්නැයි තානාපති කාර්යාලයට දන්වයි..

බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන කල පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නමැති රූපවාහිනී රියැලිටි ගුරුවරයා එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරතව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සමග හවුල් වී බව හෙළිවී ඇත.

පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගනනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. මෙම සිද්ධියෙන් පසු ඔහු විදේශ ගතවී ඇත.

මොවුන් දෙදෙනා එකතුවී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන තිබේ. පොලිසිය පවසන පරිදි නිරන්ත එදිරිසිංහ විසින් අපයෝජනයට ලක් කර ඇති දරුවන් ප්‍රමාණය විසි දෙනෙකුට අධික බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන බවත් සඳහන් වෙයි.

මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ ද සොයාගෙන ඇති බව වාර්තාවෙයි.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ළමා අපචාරයකයාගේ සහායකයෙකු ලෙස කටයුතු කල වෛද්‍යවරයා පිලිබඳව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයට දැණුම් දීමට පියවර ගෙන තිබේ.

– repoter

10,710 views

16 Comments to “රූපවාහිනී රියැලිටි ගුරා ඕස්ට්‍රේලියා දොස්තර සමග එක්වී ළමා අපචාර වල යෙදිලා.. අල්ලන්නැයි තානාපති කාර්යාලයට දන්වයි..”

  1. ක්‍රිමිනල් says:

    පෙඩොෆීලීයාව කියන්නේ අමුම අමූ මානසික රෝගයක් , බොහොරටවල මේ වගේ උන් සමාජයට මුහු කරන්නෑ , අපේ රටෙත් ක්‍රමවෙදයක් තියෙන්න ඔනේ මේ වගේ අසහනකාරයො හදුනාගෙන මුන්ව සමාජයෙන් ඇත්කරලා තියාගන්න , අනික රියැලටි වැඩසටහන්වලට තමන්ගේ දුවා දරුවව උඩදාගෙන යවන අම්මන්ඩිලත් මෙවට වග කියන්න ඔනේ. තමන්ගේ දෙමවිපියන් උනත් විශ්වාශ කරන්න බැරි කාලයක් මේක. අහේතූ කාලෙන කජ්ජේන පුහුලං..

    • මංගලගෙ පුක says:

      උඹලැයි ලොක්කො පොනිල් හාමූ සහ මොංගලය ගැන මොකෝ කියන්නෙ. රතු අලිත් සමලිංගිකයන්ට සපෝට් නේද?

      • Ani says:

        සමලිංගිකත්වය සහ පීඩොෆිලියාව දෙකක්.විෂම ලිංගිකයන් අතරත් පීඩොෆිලියාව තිබෙන අය සිටිනවා. ඒක ලිංගිකත්වය මත පදනම් වෙන්නේ නැහැ.පොඩ්ඩක් ඕවා ඉගෙන ගන්න

        • ඊබ්‍රාහිම්ගෙ බුරියානි says:

          එතකොට සාමනේර හිමිවරුන් අතවරයට ලක්වීම ගැන කතා නොකරන්නෙ ඇයි?

    • ක්‍රිමිනල් says:

      සිරස තමා ඔය වැඩසටහන් ලංකාවට හදුන්වා දුන්නේ. නිතර රට කන සිරස මේවට වගකියන්න ඕනේ.

  2. Renuka says:

    ඔබේ සිරස්තලයේ “රූපවාහිනි රියලිටි” ගුරුවරයෙක් කියා සදහන් වෙනව. කොයි රූපවාහිනි චැනලයේද දැනුවත් කරන්න රටේ ජනතාව

  3. Obrian says:

    Evenif two coconuts are stolen for livinghood by a poor man you unveil all his information including his Grandparents. Why you all hide which media this pervert served?. If you publish true details without bias all parents can take measures to protect their innocent children no.

  4. Love nature says:

    මුන්ට දියයුතු එකම දඩුවම මරණිය දඩුවමයි

  5. Saman says:

    ලංකාවේ ගස් ගොන්නු ට අපි කලින් ඉදන්ම කිවුව
    ISP ලාට filters දාන්න නීති ගෙන්න

    • arna says:

      මේක විරයි මුල ඉදන්ම මේ නිව්ස් එක හැම තැනම යද්දි වැටිලා තිබුනු කොමන්ට් වලින් මම දැකපු පලවෙනි බුද්දිමත්ම කොමන්ට් එක

  6. Scandinavian doc says:

    බටහිර ලෝකය මෙවා හංගනවා ලැජ්ජාවට. සුලු දඩුවම් දෙන්නේ.

    • To says:

      බොරු කියන්න එපා.බටහිර රටවල මේවාට උපරිම දඩුවම් දෙනවා.හංගන්නේ නැහැ.රූපත් එක්ක ටීවී එකේ ප්‍රසිද්ධ කරන්නේ

  7. Luxman says:

    In Australia there is WWC certificate which has to be obtained before any occupation.
    (WWC : Working with Children)

  8. ජඹුරේවෙල චන්දරේ says:

    මේ මිනිහගේ address එක දෙපානම පන්නිපිටිය වුණාට රුපවාහිනී නාලිකාවේ නෙවෙයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. රතු පාට කොම්බුවක් වගේ නාලිකාවක තමයි වෙලා තියෙන්නේ…

  9. නිරන්ත එදිරිසිංහ නමැති රූපවාහිනී රියැලිටි ගුරුවරයා අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරතව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන උපුල් හේවා ජයසිංහලාගේ නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සමග හවුල් වී බව හෙළිවී ඇත.