රූපවාහිනී විවාදවලින් ජවිපෙ කැපී යයි.. සජිත් හා රනිල් පිලට අවස්ථාව.. 3%ට අවස්ථාවක් දෙන්න බැරි බව නාලිකා කියති..

June 12, 2020 at 5:30 pm | lanka C news
රූපවාහිනී විවාදවලින් ජවිපෙ කැපී යයි.. සජිත් හා රනිල් පිලට අවස්ථාව.. 3%ට අවස්ථාවක් දෙන්න බැරි බව නාලිකා කියති..

රූපවාහිනී නාලිකාවල පැවැත්වෙන දේශපාලන සාකච්ඡා වලදී ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලබා දීම ඉතාම සීමා කිරීමට හෝ නතර කිරීමට මෙරට සියලු රූපවාහිනි නාළිකා තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ දේශපාලන සංවාද වැඩසටහන්වල විපක්ෂයේ සම අවස්ථාවක් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශවය විසින්ම දැඩිව ඉල්ලා සිටීමයි.

දැනට පැවැත්වෙන රූපවාහිණි සංවාද වැඩසටහන්වල ආසන හතරක් පමණක් පනවන අතර එම ආසන හතර ඔවුනට හිමි ජන ප්‍රසාදය අනුව ලබාදීමට එ් අනුව මෙරට රූපවාහිනි නාළිකා වැඩි ප‍්‍රමාණයක් තීරණය කර ඇත.

ඒ අනුව විපක්‍ෂය ලෙස සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂයට ආසන දෙකක්ද ආණ්ඩුව නියෝජනය කරමින් ආසන දෙකක්ද ලෙස එම අවස්ථාවන් බෙදී යාමට නියමිතය.

මේ අතර මැතිවරණ කාලය තුළ තමනට රූපවාහිනී විවාදයන්ට සහභාගි වීමට අවස්ථාවක් දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික රූපවාහිනි නාලිකාවක් කිහිපයකින්ම ආයාචනා කර ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පළ කළ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියෙක් කියා සිටියේ ආසන හතරක් පමණක් ඇති රූපවාහිනී දේශපාලන සාකච්ඡාවක එක් ආසනයක් වෙන් කිරීම දේශපාලන පක්‍ෂ ලබා ඇති ජනතා පදනම අනුව සිදුකරන බවයි.

ඒ අනුව 3%ක ජන පදනමක් පමණක් ඇති ජවිපෙට ආසනයක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඔහු කියා සිටියේය.

406 views

43 Comments to “රූපවාහිනී විවාදවලින් ජවිපෙ කැපී යයි.. සජිත් හා රනිල් පිලට අවස්ථාව.. 3%ට අවස්ථාවක් දෙන්න බැරි බව නාලිකා කියති..”

  1. Alapaluwa says:

    ජවිපෙට ආසන 25 ක් නෙමේ 30 ක් වුනත් ගන්ඩ පුලුවන්කම තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ නෙමේ;
    ලීබඩු කඩේකින්.

  2. Alapaluwa says:

    ජේවීපී යනු අප ප්‍රදේශයේ ග්‍රාම නිලදාරී රාජකාරි කටයුතු කෙරුවාය “කියන චෝදනා කර වෙඩි තබා මරා දැමුවේ සිගිති දරුවා ඔඩොක්කුවේ සුරතල් වෙමින් සිටියදී එම දරුවාටත් එක්කය.කිසිත් නොදත් කිරි දරුවා වෙඩි පහරකා අපමන වේදනාවක් විද මරනයට පත්විය.මෙම ජේවීපී කරුවන්ට රූපවාහිනී සාකච්චා නොව රටේ රැස්වීමක්වත් පැවැත්විය නොහැකි ලෙස විරුද්ද විය යුතුය.පාපකාරී මේ මානසික රෝගීන්ට දරුවන්ට ආදරේ කරන කිසිවෙක් චන්දය දෙන්න එපා.

  3. සමනලයා says:

    1971 , 1988-89 කලේ කිසිම රාජ්‍ය බලයක් නැතිව දහස් ගණන් මිනී මරල කොටි ගණන් දේපල වනසල පාර්ලිමේන්තුවට බෝම්බ ගහල ජන්දෙ දාපු මිනිස්සුන්ව මරල ඇගිලි කපල රට දෙසැරයක් අගාධයට ඇද දාපු, මවු බිම නැතිනම් මරණය කියල රට ගිනි කියල අද නිකන් මැරිල ඉපදිලා වගේ බෙදුමිවාදයට කත් අදින අධිරාජ්‍යවාදී බලල් අතක් වෙච්ච, පුද්ගලික ජීවිතගැන බැලුවත් බේබද්දො ,සල්ලාලයො , ව්‍යාභිචාරයෙ යෙදන කාලකන්නි කුහක වසල රැලක් නායකත්වය දරන ජෙප්පන්ට පුළුවන්ද ඔයි මේ රටේ ඔය පහුගිය අවුරැදු 72ක වුන වැරදි හරිගස්සන්න. උන්ට ඒක පුළුවන් කියල විශ්වාස කරන්න තියෙන පදනම මොකක්ද?

  4. Alapaluwa says:

    අන්න ඒවට තමයි හීන කියන්නේ..ඔය ෆැන්ටසියෙ හිටිය ගොල් ෆේස් පුරවලා මීටින් තියද්දීත් ..දැක්කනෙ රිසල්ට් එක 3% යිිි…මොන ජීවිතද බන් උඹලගෙ…කයියයි පොයියයි විතරයි..මෙලෝ රහක් නෑ…රටේ කරැමෙට උපන් එවුන්..

Main News