රූපවාහිනී සංස්ථා සභාපති ප්රසිද්ධියේ සේවකයින්ට වැද සමාව ගනී..
July 19, 2017 at 12:00 pm | lanka C news
රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල මහතා විවෘත අධිකරණයේදී සංස්ථාවේ සේවකයික් තිදෙනෙකුට වැද සමාව ඉල්ලා සිටියේය.
ඔහු මෙසේ වැද සමාව ඉල්ලා සිටියේ තර්ජනය කොට පහරදීමේ සිද්ධියක් ගැන සේවකයින් තිදෙනා විසින් ගොනු කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් වරද පිලිගනිමිනි.
ඒ සමගම එම නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
2010 වසරේ ජනාධිපතිවරණ කාලයේදී පහර දීමක් සිදු කලේ යයි අදාල පැමිණිල්ල ගොනු කර තිබුනේ කුරුදුවත්ත පොලීසිය විසිනි.
මංගලයාගේ පච පත්තරේක මේ කාරණය තිබුණේ සමච්චලයට මෙනි. ඉතාම හොඳ ක්රියාවක්.වරදක් වුණාම මූණ එල්ලගෙන නඩු හබ වලට යන කල් ටිකක් නිහතමානි වීම කොච්චර හොඳද?