රෙජිනෝල්ඞ් යලි ආණ්ඩුකාර තනතුරට ඉල්ලා විරෝධතා..

January 2, 2019 at 6:48 pm | lanka C news
රෙජිනෝල්ඞ් යලි ආණ්ඩුකාර තනතුරට ඉල්ලා විරෝධතා..

උතුරු පලාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත වතාවක් උතුරු ප්‍රදේශයේ ආණ්ඩුකාර වරයා ලෙසින්ම පත් කරන ලෙසට ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා උතුරු පලාතේ ස්වේච්ඡා සිංවිධාන කිහිපයක් හා කිලිනොච්චියේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (01) දින සන්දේශයක් භාර දෙනු ලැබීය.

කිලිනොච්චිය නගරයේ සිට ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමට විරෝධය පා විරෝධතා පාගමනකින් පැමිණි විරෝධතාකරුවන් විසින් සන්දේශයක් භාර දෙනු ලැබුවේ කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා වෙතට කිලිනොච්චය දුම්රිය ස්ථානයේදීය.

ආණ්ඩුකාර වරුන්ගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් දිවයින පුරා සිටින ආණ්ඩුකාර වරුන් වෙනස් කිරීමට ජනාධිපතිතුමන් ගත් තීරණයට අනුව උතුරු ආණ්ඩුකාර වරයාද ඉවත්වීමට නියමිතව ඇත.

මේ අනුව ජනාධිපතිතුමන්ගේ අවධානය පිණිස රෙජිනොල් කුරේ මහතා නැවත වරක් උතරු පලාතේ ආණ්ඩුකාරවරයා ලෙසින් පත් කරන ලෙස ඉල්ලා සන්දේශයක් ලබා දුන් පිරිස් කියා සිටියේ,

‘ගෙවුනු වසර කිහිපය තුලදී උතුරු පලාතේ සංවර්ධනය හා සහජීවනය වෙනුවෙන් රෙජිනොල්ඩ්කුරේ මහතා හැගීමකින් යතුව ජාති ආගම් භේදයකින් තොරව සිය රාජකාරිය අකුරටම ඉටුකරන ලද වටින් රාජ්‍ය නිලධාරියෙකු බැවින් එතුමන්ගේ සේවය ඉදිරියටත් උතුරු පලාතේ ජනතාව වෙනුවෙන් අවශ්‍යතාවය ඇති අතරම විශේෂවෙන් උතුරු පලාතේ බහුතරය වූ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සක්ච්ඡා කිරීමට එතුමන්ට දෙමළ භාෂාඥානයද තිබීම හේතුවෙන් විශේෂ වන අතරම ඉදිරි වසර කිහිපය වෙනුවෙන්ද රෙජිනොල්ඩ්කුරේ මහතා උතුරු පලාතේ ආණුඩුකාර වරයා ලෙසින්ම පත් කළ යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,405 Viewers

7 Comments to “රෙජිනෝල්ඞ් යලි ආණ්ඩුකාර තනතුරට ඉල්ලා විරෝධතා..”

  1. Kadiya says:

    චන්ද්‍රිකාගේ බත් බැලයෙක් නම් දෙමල පුළුවන් වුනාට පත් නොකළ යුතුය. මොකද ජනාධිපතිට එරෙහිව යටින් අංචි අදින ද්‍රෝහියෙක් අවශ්‍ය නැත.

  2. Wijebahu says:

    No other evidence to prove that Cooray is a tiger supporter.
    Mr. President, please don’t reappoint him.

  3. sinha le says:

    මුලදී උතුරේ පදිංචි වී සිටිය සිංහලයන් වෙනුවෙන් මේ යකා මොනවද කෙරුවේ?

  4. saman says:

    GANWATHUREN ANAATHA UNA AHINSAKA DEMALA NJANATHAAWAGE JEEWTTHA BERAADUNNA HAMUDAA WIRUWANTA UTHUREN WAHAAMA
    PITAWENTA KIYANA NGO KANDAAYAMA REJINOLD COOREY PAMANAK
    NATHARAKARAGANTA UTHSAHA DARANNE MOKADA KIYALA MOLE TIYENA
    KAATATH THERENAWA.

  5. Kalana says:

    Elawala dhaanna… rata kana paaharayek

  6. මේවා බො...බො...බො....සමයන් සංදර්ශන says:

    මේවා බො…බො…බො…රු .සමයන් සංදර්ශන

  7. සමරා says:

    ඔය විරෝධතා සංවිධායක සුමන්තිරන් ගොබිල මිසක් වෙන කවුද?

Main News