රෙජිනෝල්ඩ් යලි ආණ්ඩුකාර කරනු.. යාපනේ උද්ඝෝෂණ..

January 5, 2019 at 5:30 pm | lanka C news
රෙජිනෝල්ඩ් යලි ආණ්ඩුකාර කරනු.. යාපනේ උද්ඝෝෂණ..

සිංහල ද්‍රවිඩ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නායකත්වය ලබා දෙමින් දකුණේ ජනතාව උතුරට ගෙන යමින් උතුරේ ජනතාව දකුණට රැගෙන යමින් ජාතීන් අතර සමගිය ඇති කිරීමට ඉමහත් නායකත්වයක් ලබාදුන් රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් නැවතත් පත් කරන ලෙස යාපනය සිංහ සමාජයේ සභාපති කිරුබාකරන් මහතා කිළිනොච්චියේ පැවති උද්ඝෝෂණයකදී පැවසීය.

එම උද්ඝෝෂණකරුවන් රෙජිනෝල්ඞ් කුරේ මහතා නැවත පත් කරන ලෙස ද්‍රවිඩ ජනතාවගේ අත්සන් සහිත පෙත්සමක් කිළිනොච්චි දිසාපති එස්. ආරුමනායහම් භාරදුන් අතර වැඩිදුරටත් අදහස් දක්වමින් කිරුබාකරන් මහතා මෙසේ පැවසීය.

සිංහල ආණ්ඩුකාරවරයෙකු නැවත ඉල්ලා උතුරේ ජනතාව උද්ඝෝෂණය කරන පළමු අවස්ථාව මෙය වන අතර මෙය ඓතිහාසික සිදුවීමක් ලෙස හඳුවන්වන බව පැවසීය.

– LSR

12,552 Viewers

2 Comments to “රෙජිනෝල්ඩ් යලි ආණ්ඩුකාර කරනු.. යාපනේ උද්ඝෝෂණ..”

  1. LION says:

    කොටි දෙමළ ඩයස් පෝරාවේ රුකඩ ය නිසාද ? උතුරේ දෙමල දේශපාලකයන් ,විශ්ව විද්‍යාල සිසුන් කොටි ත්‍රස්තවාදින් සිහිකරමින් උතුරේ ඊළම් ත්‍රස්තවාදය පතුරවද්දී ඒවාට ඉඩදී නිහඩව සිටින නිසාද ?
    ඉන්දියාවේ කල්ලතොනින්ට අපේ රටේ ඉඩම් බෙදලාදී ඔවුන්ට සහන ලබා දෙන නිසාද ?
    උතුරේ පදිංචි වී සිටි සිංහල ජාතිකයන් තාමත් අනාථ කදවුරු වල තබමින් ඔවුන්ගේ ඉඩම් ජාතිවාදී දෙමළුන් අත්කර ගැනීමට ඉඩදී සිටීමට ද ? ලැජ්ජයි

    • Janathaawa says:

      The people in the south have well observed , since very long past , his behaviour and verbal comments , which were favorable to the divisionists . He seems have played a double game , just to deceive his voters . Due to his such actions , some people in the North , may have a some liking to him , but Majority of the people in the south ( which comprises , 75 per cent of the total population ) are not happy with his past and present actions , which were detrimental to protect the Country’s Unitary state nature and Sovereignty.

Main News