රෙජිනෝල්ඩ් සහජීවනයට මහත් කැපකිරීමක් කල නායකයෙක්..- මංගල

August 12, 2017 at 8:02 am | lanka C news
රෙජිනෝල්ඩ් සහජීවනයට මහත් කැපකිරීමක් කල නායකයෙක්..- මංගල

ශ්‍රී ලංකා රේගුවේ උප නිවාරණ කාර්යාලයක් විවෘත්ත කිරීම යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර හා උතුරු පලාත් ආන්ඩුකාර රෙජිනෝඩ්කුරේ යන අයගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙසේ උතුරු පළාත තුල රේගු නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුනේ වසර 34කට පසුවයි. 1983 දී උතුරු පළාතේ රේගු කටයුතු සම්පුර්ණයෙන්ම ඇන හිටි අතර 2011 දී නැවත යාපනයේ තැපැල් කාර්යාලයේ කොටසක රේගු කටයුතු තාවකාලිකව ආරම්භ කරන අතර එම කටයුතු තවදුරටත් යාවත්කාලීන කර ගැනීමට හා රේගු කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙම නව කාර්යාලය අද දින ආරම්භ කෙරිණ.

උත්සව අවස්ථාවට සහභාගී වී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා රෙජිනෝල්ඩ් කුරේ මහතාට විශේෂ ප්‍රශංසාවක් කරමින් කියා සිටියේ ත්‍රිභාෂික අමාත්‍යවරයෙක් හැටියට ගැන ඉතා ආඩම්බර වන බවත් තමන් දේශපාලන කටයුතු ආරම්භ කරනු ලැබූ කාලයේ සිට මේ දක්වා ජාතික සහජීවනය වෙනුවෙන් මහත් කැපකිරීමක් කරනු ලැබූ  පරිණත,මනා දැනුමකින් යුත් දේශපාලන නායකයකු බවටයි.

මේ අනුව ආරම්භ කරපු නව කාර්යාලය මගින් උතුරු පලාතේ රේග කටයුතු වලට මෙන්ම රැකියා විරහිත තරුණ තරුණියන්ටද මහගු අවස්ථාවක් බවටද කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා,

‘උතුරු පළාතේ මයිල්ලේට්ටි වරාය ආරම්භ කිරීම තුලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර  භාණ්ඩ ප්‍රවාහනය කිරීම වේගවත් කිරීමට මහත් පිටිවහලක් වෙනවා.සංවර්ධන කටයුතු ගැන පාර්ලිමේන්තුවට යෝජනා ගෙන එද්දී උතුරු පළාතට විශේෂ අවධානයක් හිමිවිය යුතුයි.

මේ ආරම්භ කල කාර්යාලයේ සේවය කිරීමට උතුරු පළාතේ දමිල තරුණ තරුණියන් තෝරා ගත යුතුයි.මේ රට සංවර්ධනය කිරීමට නම් ජාති,ආගම්,කුල භේද නොතකා එකට එක්ව වැඩකිරීමට අදිටන් කරගත යුතුයි.

උතුරු පළාතේ මේ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතුවලට රජයෙන් ලැබෙන පුර්ණ අනුග්‍රහයටත් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා’

– වන්නි රොමේෂ් මධුෂංඛ

86 views

2 Comments to “රෙජිනෝල්ඩ් සහජීවනයට මහත් කැපකිරීමක් කල නායකයෙක්..- මංගල”

  1. JOY says:

    උතුරු පලාත් ආන්ඩුකාර රෙජිනෝඩ් දෙමල කොටි කතෝලික සභාවේ නටවන රූකඩයක් පමණයි
    උතුරේ පදිංචි වී සිටි ත්‍රස්තවාදී පිරපාකරන් විසින් පලවාහැර මංකොල්ලා කෑ සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය තවම ලබා දී නැහැ ඔවුන්ව පදිංචි කර නැහැ
    උතුරේ සිටි සිංහල ජාතිකයන් තවමත් සරණාගතයන් ලෙස තමන්ගේ මව් බිමේ ජාතිවාදී දමිල දේශපාලකයන්ගේ කරදර හිරිහැරවලට මුහුණ දෙමින් ජිවත් වෙයි එය සාධාරණද ? සහජීවනයද ?
    එවැනි නරුම උතුරු පලාත් ආන්ඩුකාරයා කුමක්ද කල සහජීවන කැපකිරීම ? දෙමල ත්‍රස්තවාදීන්ට පමණක් සියලු පහසුකම් ලබාදීමද /?
    මේ රට සංවර්ධනය කිරීමට නම් ජාති,ආගම්,කුල භේද නොතකා එකට එක්ව වැඩකිරීමට අදිටන් කරගත යුතු නම් උතුරේ සිංහලයන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීමද සාධාරණද ? මේ සිංහලයන්ගේ මව් බිමේ දෙමල ජාතිකයන්ට පමණක් මේ ආණ්ඩුවෙන් විශේෂ වරප්ප්‍රප්‍රසාද ලබාදෙන්නේ මන්ද ? දේශපාලන වාසි ලබාගෙන බලයේ සිටීමට නේද ? ලැජ්ජයි යමපලනය ලැජ්ජයි උතුරු පලාත් ආන්ඩුකාරතුමා වහාම ඉවත් කල යුතුයි

  2. ගිරවා says:

    He is a traitor like you ……Don’t talk bullshit

Main News