රෙජී රණතුංග තාත්තාට ලොකුම අපහාසය කරන්නේ අර්ජුන අයියායි..- මල්ලී ප්‍රසන්නගෙන් ඇමති අයියා අර්ජුනට කිස්කණ ප්‍රහාරයක්..
April 23, 2018 at 12:03 am | lanka C news
විශ්වාසභංගයෙන් පසුව නිදහස් පක්ෂය තුනට කැඩි ඇති බව ඒකාබද්ද විපෂක්යේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ හිටපු ඇමැතිවරයකු ආණ්ඩුකාරවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන දිවංගත රෙජී රණතුංග මහතාගේ 81 වැනි ඡන්ම දින සැමරුම් උළෙලට මිනුවන්ගොඩ උඩුගම්පොළ දී සහභාගී වෙමිනි.
ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
මගේ දේශපාලන ගමනේ ගුරුවරයා ලෙස සැමවිටම සලකන්නේ මගේ පියා වන රෙජී රණතුංග මහතාවයි. එතුමා මම දේශපාලනයට එන විට දුන් එකම උපදෙස වුණේ හම්බ කරන්නට නම් දේශපාලනයට එන්න එපා කියන එකයි. ඒ වගේම දේශපාලනය කරනවා නම් ගමේ ඉන්න ඕනේ කියලත් එතුමා මට උපදෙස් දුන්නා. මම හැමදාමත් කටයුතු කළේ මගේ පියාගේ උපදෙස් මතයි.
අද සමහරු කිය කියා යනවා මහින්ද මහත්තයා රෙජී රණතුංග මහතාට සැලකුවේ නැහැ කියලා. ඒ කියන අය අද ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ තුරුලට වෙලයි. රෙජී රණතුංග මහතාගේ දර්ශනය ප්‍රතිපත්ති අනුගමනය කරන කිසිවකුටත් එක්සත් ජාතික පක්ෂයේ තුරුලට යන්න බැහැ. මම දකින විදිට රෙජී මහත්තයාට කරන්න පුළුවන් ලොකුම අපහාසය තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක දීග කන එක.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තියෙන ඉරණම දකින්නට රෙජි මහත්තයා ජීවතුන් අතර නොසිටින එකත් එක්තරා ආකාරයක වාසනාවක් කියලයි මම දකින්නේ.
විශ්වාසභංගයෙන් පසුව අද නිදහස් පක්ෂය තුනට කැඩිලා. සියයට අනූපහක් ඉන්නේ මහින්ද මහත්තයා නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය තුළයි. තවත් 8%ක් ඉන්නවා මෛත්‍රී පිල කියලා. දැන් රනිල් අනුගමනය කරන නිදහස් පක්ෂ රනිල් පිල කියලත් කණ්ඩායමක් ඉන්නවා.
මහා සංඝරත්නයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ඩුලිප් විජේසේකර, නිමල් ලන්සා මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
– ප්‍රදීප් අනුර කුමාර
Okkoma pal horu.
හම්බ කරන්න දේශපාලනයට එන්න එපා…..පිය උපදෙස් පිළිගන්න පුතුන්……ආඩම්බරයි නේද ?
මුන් දෙන්න එකතුවෙලා තාමත් කරන්නෙ මැරිල වලපල්ලෙ ඉන්න තාත්ත විකුණගෙන දේශපාලනය කරන එක. ලැජ්ජයි හොර තක්කඩියො.