රේගුව අඛණ්ඩ වර්ජනයක් අරඹයි…
January 30, 2019 at 6:48 pm | lanka C news
මේ වන විට රේගු නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
මෙය ආරම්භ කර ඇත්තේ ශ්රි ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයේ නොවන අයෙක් වන විශ්රාමික හමුදා නිලධාරියෙක් රේගු අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කිරීමට විරෝධය පල කරමිනි.
කොළඹ වරායේ මගී සහ අපනයන අංශයන් හැර සෙසු අංශවල සේවකයින් විසින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කර ඇත.
සියළු නීති රීති උල්ලංඝනය කරමින් දේශපාලන උවමනා මත නව අධ්යක්ෂ ජනරාල් ලෙස විශ්රාමික හමුදා නිලධාරියෙකු පත් කිරීම අනුමත නොකරන බව ද සංගමය කියා සිටී.
නව අධ්යක්ෂ ජනරාල් ලෙස ඔහු පිලිගැනීම හෝ ඔහු යටතේ සේවය කිරීමට කිසි ලෙසින් සූදානම් නැතැයිද සංගමය අවධාරනය කරයි.
එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
hora kanna beriwei kiyala hitilada danne neha
පත්වීම හරිද වැරදිද දන්නේ නැහැ. හැබැයි මේ සේවාවේ ඉන්න කම්බ හොරු පාලනය සහ ඇල්ලීම පිළිබඳ විශේෂඥයකු අධ්යක්ෂ ජනරාල් කිරීම වටී
කම්බ හොරෙක් ලෙස වැඩ කරන්න බැහැ කියපු අධ්යක්ෂ ජනරාල් තුමිය අයින් කරලා කම්බ හොරෙක් දාල තියෙන්නේ. කම්බ හොරෙක් ලෙස වැඩ කරන්න බැහැ කියපු අධ්යක්ෂ ජනරාල් තුමිය අයින් කරලා කම්බ හොරෙක් දාල තියෙන්නේ.