රේගුව රදවා ගත් කන්ටේනර් අටක් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍යංශය දන්වයි..

January 30, 2017 at 2:10 pm | lanka C news
රේගුව රදවා ගත් කන්ටේනර් අටක් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍යංශය දන්වයි..

නීත්‍යනුකූල නොවන ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් සහිත බහාලූම් අටක් මුදාහරින ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී තිබේ.

මෙම කන්ටේනර මුදා හැරීමට අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යවා ඇති අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අැමති සභාපති දුරය දරන කැබිනට් අනු කමිටුවකින්ද මෙම නිදහස් කිරීම අනුමත කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් රේගු බලධාරීන් පවසන්නේ මෝටර් රථ අමතර කොටස් ඇති බහාළුම් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශයට හැකියාවක් නැති බවයි.

229 views