රේගු ලොක්කීගේ මාරුව පිටුපස ගම්මිරිස් කරුංකා සහ එතනෝල්…
February 3, 2019 at 6:48 pm | lanka C news
රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය හදිසියේ තනතුරින් ඉවත් කිරීම පිටුපස වයඹ පළාතේ දුෂ්කර ආසනයක් නියෝජනය කරන දේශපාලන බලවතකු සිටින බව රේගු වෘත්තීය සංගම් පවසයි. ප්‍රදේශයේ බොහෝ අර්බුදකාරී සිද්ධීන්වලට සම්බන්ධ යැයි කියන මෙම දේශපාලන බලවතා එ.ජා. පෙරමුණු රජයේ හවුල්කාර පයක ප්‍රබලයෙකි.
වසරකට රුපියල් මිලියන සිය ගණනක බාල වර්ගයේ කරුංකා සහ ගම්මිරිස් රටවල් ගණනාවකින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා නිෂ්පාදන ලෙස ලේබල් ගසා වැඩි මිලට බදු සහන යටතේ ඉන්දියාවට අලෙවි කිරීමේ ජාවාරමක් මෙකී දේශපාලන බලවතාගේ සමීපතමයන් කිහිපදෙනෙක් පවත්වාගෙන ගොස් ඇත. එහෙත් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක වන රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඊට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළාය. ඒ ගැන උරණ වූ දේශපාලන බලවතා මෙන්ම එතනෝල් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ ජාවාරම්කරැවෙක්ද ඇය එම තනතුරින් ඉවත් කිරීම සඳහා රජයට දැඩි ලෙස බලපෑම් කළ බව වෘත්තීය සංගම් වැඩිදුරටත් කියති.
මෙම මාරුව සඳහා කැබිනට්ටුවට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ සටහනක් එවූ ජනාධිපතිවරයාද මෙකී මාරුවට හා අනුප්‍රාප්තිකයා ලෙස විශ්‍රාමික නාවික හමුදා රියර් අද්මිරාල් ශමීල් ප්‍රනාන්දු මහතා පත්කිරීමටද එකඟ නොවන බව සඳහන් කළේය.
එහෙත් රේගු අධ්යක්ෂ ජනරාල්වරිය වහා තනතුරින් ඉවත්කොට මුදල් අමාත්‍යංශයේ ආදායම් සුපරීක්ෂණ ඒකකයට මාරුකරනු ලැබීය. ඒ සමඟ රේගු වෘත්තීය සංගම් රජයේ තීරණයට එරෙහිව දැඩි වෘත්තීය අරගලයක් ඇරඹීය. දැනටත් ඔවුන් අකුරට වැඩ ව්‍යාපාරයක නිරතව සිටී.
හටගත් අර්බුදකාරී තත්ත්වය නිසා ඇයගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්කිරීමට යෝජනා වූ රියර් අද්මිරාල්වරයා වෙනුවට වැඩබලන රේගු ප්‍රධානියා ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා පත් කැරිණි. වෘත්තීය සංගම් ඔහුගේ පත්වීමද අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.
ඉතා දක්ෂ දිසාපතිවරියක් ලෙස වව්නියාව හා මඩකලපු දිස්ත්‍රික්කවල සේවය කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු දෙපාර්තමේන්තුවේද දක්ෂ ලෙස සේවය කළාය. දැන් ඇය මාරුකර ඇත්තේ බරපතළ රාජකාරියක් නොමැති මුදල් අමාත්‍යංශයේ ආදායම් සුපරීක්ෂණ ඒකකයටයි. මෙයට පෙර හිටපු දේශීය ආදායම් කොමසාරිස්වරියන්ව සිටි වසන්ති මංචනායක මහත්මියත් කල්‍යාණි දහනායක මහත්මියත් තනතුරුවලින් ඉවත් කෙරුණේ මෙකී ආදායම් සුපරීක්ෂණ ඒකකයට ස්ථාන මාරු කිරීමෙනි.
– deshaya
He is none other than Rishad Badudeen! This Muslim Fundamentalist has become a curse to our country. He destroys our virgin forests and settles Pakistanis. His stooges’ frauds lose a massive amount of our national wealth. He is literally a leech who sucks our beloved motherland’s life-blood!
Rishd baddiudeen is a curse to us, to Sri Lankans. මේ ඌර ව ගති කෙනෙකුට සරල කන්න දෙමු අපේ මහත්තයා
රනිල් ගෙ ‘යහපාලනය’ තරම් දූෂිත ආණ්ඩුවක් ශ්‍රිලංකාවේ තිබුනේද යන්න නුවනැත්තෝ විමසා බැලිය යුතු කරැණක් බව මගේ අදහසය්.
රේගුවේ ලොක්කෝ පඩි ගන්නේ ඩොලර් වලිනි
ජීවත් වන්නේද සුව සැප විසල් රජමාලිගා වලිනි
ජාවාරමේ කොමිස් එකතුව බැංකු රුපියල් වලිනි
කල පවේ රසේ පෙනේ මළගම් ආ නිලමැසි වලිනි
ජනතාව වන අපට තියෙන ප්‍රශ්නේ වන්නේ චාල්ස් මහත්මියව මාරු කරනවා ද නැද්ද කියන එක නෙමෙයි ,අර ජාවාරම් කාරයන්ට (බදූර්ඩීන්ගෙ නම ප්රවෘත්ති වල විදියට ) කව්ද නීතිය ඉදිරියට ගේන්නෙ.
කවුරැ බලයේ හිටියත් ඇමටිකමක් ගන්නා කැලෑ පාලු බදුර් හම්බයා දැන් වසර ගනනාවක සිට ඔය රේගු ගේම ගහනවා. බැරිවෙලාවත් මොන කරැනකට උසාවියට අපහාස කර හෝ උසාවි අරනි ගියත් ඌ නිදහස් වෙනවා.
ජනතාව වන අපට තියෙන ප්‍රශ්නේ වන්නේ චාල්ස් මහත්මියව මාරු කරනවා ද නැද්ද කියන එක නෙමෙයි ,අර ජාවාරම් කාරයන්ට (බදූර්ඩීන්ගෙ නම ප්රවෘත්ති වල විදියට ) කව්ද නීතිය ඉදිරියට ගේන්නෙ..
“පිටුපස වයඹ පළාතේ දුෂ්කර ආසනයක් නියෝජනය කරන දේශපාලන බලවතකු සිටින බව රේගු වෘත්තීය සංගම් පවසයි.”
බදුර්දීන් වෙන්න බැහැ. මිනිහා වයඹ නොවෙයි
වෙනිසුලාව බංකොලොත වෙලා. ජනාධිපති මදූරෝ රත්තරන් ටොන් 20 ක් උස්සලාලු. ශ්‍රි ලංකාවත් බංකොලොත් වීමට අත ලඟ බවත් එය මක් වන විට ඇඟ හිරිවැටෙන බවත් චම්පුක කියනවා. මහ බැංකු හොර දෙටුවා රනිලා ගෙන් අපේ රටේ රත්තරන් පරිස්සම් කර ගනිමු.
SL bankaloth viimata pera, Ranil la maha bankuwata kelala.
Maduro meyalagen igena ganna o’nay.
Mr. President….. Stand firm and re appoint and install Mrs. Charles back in her post forthwith instead of talking nonsense.
වයඹ පලාතේ දුෂ්කරම ආසනයක් තමා ආණමඩුව.කවුරැහරි බිස්නස් කරන දේශපාලඥයෙක් හෙම ඉන්නවද දන්නේ නෑ ඒ පැත්තේ.