රේගු වර්ජනය තවත් දැඩි වේ… සුරාබදු වෘත්තීය සමිති 14ක්, තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්වේ..

February 4, 2019 at 5:30 pm | lanka C news
රේගු වර්ජනය තවත් දැඩි වේ… සුරාබදු වෘත්තීය සමිති 14ක්, තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්වේ..

රේගු නිලධාරීන් විසින් දින කිහිපයක් තිස්සේ පවත්වමින් සිටින වෘත්තිය ක්‍රියාමාර්ගයට සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති 14ක්ද සහාය පල කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය, වාප්පු ලිපිකරුවන්ගේ සංගමයද වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත්තේ රේගු වැඩ වර්ජනයට සහායක් ලෙසයි.

මේ අතර පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් හිමියන්ගේ සංගමය හෙට දිනයේ වෙලදසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය නිසා දිනකට බිලියන 02 පමණ ආදායමක් රජයට අහිමි වන බවද සදහන්ය.

208 views
Main News