රේල්පාරේ සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා කොච්චියේ ගැටී මරුට…

November 7, 2021 at 5:30 pm | lanka C news
රේල්පාරේ සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා කොච්චියේ ගැටී මරුට…

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේදී ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සේටිකුලම් පොලීසිය පවසයි.

සෙට්ටිකුලම් දකුණ කල්ලාරු පාලම මතදී මෙම අනතුර සිදුව ඇත්තේ මන්නාරමේ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රිය ගමන්කරන අතරතුරදී දුම්රිය මාර්ගයේ සිට තරුණයින් දෙදෙනෙකු දුම්රිය ගමන්කරන අතරවාරයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ දරා ඇත.

එහිදී දුම්රියේ තරුණයින් ගැටෙන බව එක් තරුණයෙකු දැක පාලමෙන් පැන ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ඉදිරිපස කොටසේ ගැටී විසිවීමෙන් තරුණයා එම ස්ථානයේම මිය ගොස් ඇති බව අනාවරන වෙයි.

පසුව මිය ගිය තරුණයාගේ මළ සිරුර සෙට්ටිකුලම් දුම්රිය ස්ථානයට රැගෙන එමෙන් අනතුරුව සෙට්ටිකුලම් පොලීසිය මගින් සෙට්ටිකුලම් රෝහලට බාරදෙනු ලැබීය.

අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම මුරුංගන් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සුරේස් නැමත්තෙකු වන අතර සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,737 views

5 Comments to “රේල්පාරේ සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයා කොච්චියේ ගැටී මරුට…”

  1. බයිසන් says:

    පෝක් එක කුඩු වෙලා නැත්නම් නියම සෙල්ෆියක් වැදිලා ඇති.

  2. sunimal says:

    සැමවිටම ලෝකයේ නවීනත්වය මරණයේ අවසානයයි.

  3. Power says:

    මට මතක ඉන්දියාවෙත් ඔහොම සීන් එකක් වුණා. මූත් හරකා වගේ පාරේ මැද්දෙ ඉන්ඩ ඇති.

  4. SL says:

    ටීවී වල යන සූපින් සහින මාලිගා දැකල තරුණයින් ගෙ මොල කුරුවල් කරනව

  5. NGO ජුන්ටාව says:

    අපි හරි වෙනස්ම ජාතියක් මල්ලී.