රේල් පාරේ කැබ් රථය නවතියි… රියදුර පැන දිවි බේරා ගනියි…
December 4, 2018 at 8:40 am | lanka C news
යාපනය කොඩිකාමම් ප්රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී කැබ් රථය රේල් පාරේ නැවතීම හේතුවෙන් රියදුරු කැබ් රථයෙන් පැන දිවි බේරාගෙන ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.
යාපනයේ සිට කොලඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ යාල්දේවි දුම්රිය කොඩිකාමම් ප්රදේශයේදී ධාවනය වන අතරතුර කොඩිකාමම් දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් ධාවනය කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී දුම්රිය මාර්ගය උඩදී කැබ් රථය එක වරම නැවතීම හේතුවෙන් රියදුරු බිය වී කැබ් රථයෙන් ඉවතට පැන දිව ගොස් ඇත.
කෙසේ වෙතත් දුම්රිය කැබ් රථයේ පිටුපස පමණක් ගැටී ඇති අතර අනතුරින් කැබ් රථයට සුලු හානියක් සිදු වී ඇති බවටද පරික්ෂණ සිදු කරන කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ