රොගීන් අවසන්.. හම්බන්තොට රෝහලේ කොරෝනා වාට්ටුව හිස් වෙයි.. IDH රෝහලේද රෝගීන් පහලට..
July 1, 2020 at 12:00 pm | lanka C news
හම්බන්තොට මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සියලු රෝගීන් රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.
එම වාට්ටුව භාර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ අද දිනයේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ සියලු රෝගීන් පිටත්කර ගෙවීමේ හැකියාව ලැබූ බවයි.
මේ වන විට තවත් රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් ගණන ඉතාමත් අඩු වී ඇත.
කඹුරුගමුව රෝහල, පනාගොඩ හමුදා රෝහල, මුල්ලේරියාව රෝහල කොරෝනා රෝගීන් සිටින්නේ 10කට අඩු මට්ටමකයි.
එමෙන්ම ජාතික උණ රෝහලේද ප්‍රතිකාර ලබන්නේ කොරෝනා රෝගීන් 31කි.