රොෂාන් රණසිංහත් ඒකාබද්ද විපක්ෂයෙන් ඉවත් වේ..
July 19, 2017 at 2:10 pm | lanka C news
පොලොන්නරුව දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ද විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වන බව සදහන් කරයි.
මන්ත්රීවරයා සදහන් කරන්නේ ඒකාබද්ද විපක්ෂය වෙනුවෙන් තමන් විසින් ඉදිරියට සංවිධානය කර ඇති සියළු වැඩසටහන් අවලංගු කල බවයි.
බිම් මට්ටම නොහදුනනා ඒකාබද්ධ විපක්ෂයේ සමහර නායකයින් තමාගෙන්ද නොවිමසා පොලොන්නරුව දිස්ත්රිකයේ දේශපාලන ක්රියාකාරකම් ගැන ගන්නා තීන්දු තීරණ මෙම තීරණයට හේතු වූ බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් තමන් දරන දේශපාලන ප්රතිපත්තිය කිසි ලෙසකින් වෙනස් නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
I also agree with Raj Gophal. If something unfair happened him then that should investigate and give him a fair solution. I suggest MR should involve this matter and resolve the issue as soonest possible before spreading the rummer.
This Man was originally from UNP. So he is going back. PARAYA!!