රොෂාන් රණසිංහ සලකුණේදී වරද්දා ගනී.. මහින්දානන්ද දුරකතනයෙන් කඩා පනී.. වහා සමාව ගනී…
July 26, 2017 at 3:32 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජසනය කරන පොලොන්නරු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා සම්බන්ධයෙන් සිදු කල ප්රකාශයක් හේතුවෙන් එම අවස්ථාවේදීම දුරතකනය ඔස්සේ සම්බන්ධ වූ මන්ත්රී මහින්දානන්ද මහතා වහා එය නිවැරදි කරන ලෙස ඉල්ලීය.
රොෂාන් රණසිංහ මන්ත්රීවරයා වහා එම ප්රකාශය නිවැරදි කල අතර මහින්දානන්ද මන්ත්රීවරයාගෙන් සමාවද ඉල්ලා සිටියේය.